අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුරගේ පුත්‍රයා මහින්ද එක්ක දැමූ Deal එක

අනුරගේ පුත්‍රයා මහින්ද එක්ක දැමූ Deal එක

මිහින් ලංකා සිට ශ්‍රී ලන්කන් එයාර් වෙත ඇවිල්ලා මේ වන විට විදේශ රටක සැපට ඉන්නවා "මිහින් ලංකා" ගුවන් සමාගමේ සේවය කරමින් සිටී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතා එදා මහින්ද…

මිහින් ලංකා සිට ශ්‍රී ලන්කන් එයාර් වෙත ඇවිල්ලා  

මේ වන විට විදේශ රටක සැපට ඉන්නවා 

"මිහින් ලංකා" ගුවන් සමාගමේ සේවය කරමින් සිටී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පුතා එදා මහින්ද රාජපක්ෂ එක්ක Deal කර "ශ්‍රී ලංකන් එයාර්" ගුවන් සමාගමට පැමිණියේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ පැවැති ජන හමුවක දී හෙළි කර සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ පුත්‍රයා මෙසේ මහින්ද රාජපක්ෂ මහතා සමග Deal කර   "ශ්‍රී ලංකන් එයාර්" ගුවන් සමාගම වෙත සේවයට පැමිණියේ "මිහින් ලංකා" ඇති වූ ගැටලුවක් මත බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

අද වන විට එම පුත්‍රයා සිටින්නේ විදේශගතව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා ඒ ආකාරයට තම පුත්‍රයා විදේශගත කර මෙරට සිටින අනෙකුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මෙම දේශපාලන ව්‍යාපාර කටයුතු කරන බවට ද චෝදනා කර සිටියේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අනුරගේ පුත්‍රයා මහින්ද එක්ක දැමූ Deal එක | Lanka Newsweek