"අනාගතයේ රටේ දැවැන්තම පක්ෂය පොහොට්ටුවයි"

(ජයකාන්ත ලියනගේ) "පළාත් පාලන ආයතනවලට ඉදිරියේදී වැඩ කරන්න ප‍්‍රතිපාදන නොලැබෙන්න පුඵවන්. අපේ රටේ වසර හතරක් නතරවූ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න ශක්තිමත් රජයක් තව වසරක් යන විට පිහිටු වනවා. මහින්ද රාජපක්ෂ…
(ජයකාන්ත ලියනගේ)
"පළාත් පාලන ආයතනවලට ඉදිරියේදී වැඩ කරන්න ප‍්‍රතිපාදන නොලැබෙන්න පුඵවන්. අපේ රටේ වසර හතරක් නතරවූ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න ශක්තිමත් රජයක් තව වසරක් යන විට පිහිටු වනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එම රජය පිහිටු වන තෙක් ටික කාලයක් ඉවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා"යැයි ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ,බළපිටිය ප‍්‍රාදේශීය සභාවේ නව සභාපති එන්. සමන් ද සිල්වා මහතා පිළිගැනීම නිමිත්තෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභා ශාලාවේදී පැවති රැස්වීමක් අමතමිනි.
දැන්වීම
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මහතා මෙසේද කීය.
"ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා මේ වන විට වසර එක හමාරයි වෙන්නේ. මේ කාලයෙදී ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කිරීමට පොදු ජන පෙරමුණට හැකි වුණා. ගාලු මහා නගර සභාව විතරයි අපිට දිනන්න සුඵ ජන්ද ප‍්‍රමාණයක් අඩු වුණේ. නමුත් ගාල්ල මහා නගර සභාව ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දහනමයේම බලය ලබා ගන්න අපට පුඵවන් වුණා. ගාල්ල දිස්ත‍්‍රික්කයේ විතරයි සියලු ආයතන පොදු ජන පෙරමුණට දිනා ගන්න හැකි වුණේ. ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් අපට ඡන්ද තුන් ලක්ෂ දොළොස් දහසක් ලැබුණා.
සෑම පළාත් පාලන නියෝජිතයෙකුගේම වගකීම, පාට පක්ෂ බේදයෙන් තොරව ජනතාවට වැඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණාට පස්සේ අපට බලය තිබුණු පළාත් පාලන ආයතනවලින් යම් වැරද්දක් වුණා. එහෙම අඩුපාඩු නැවත සිද්ධ නොවෙන්නයි, මෙවර බලය නැවත දී තිබෙන්නේ. අපට වගකීමක් තිබෙනවා ජනතාවට වග කියන පළාත් පාලන ආයතන බිහි කරන්න. පක්ෂ කණ්ඩායම් රාශියක් එකතු වෙලයි, පොදු ජන පෙරමුණ කටයුතු කරන්නේ. ඒ කිසිම පක්ෂයක් අපි අමතක කරන්නේ නැහැ. ඉදිරියේදී මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි"