අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අන්තවාදී ගැටුම් වලින් විපතට පත් වූ අයගේ අනාගතය මම භාර ගන්නවා-සජිත්-

අන්තවාදී ගැටුම් වලින් විපතට පත් වූ අයගේ අනාගතය මම භාර ගන්නවා-සජිත්-

"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට කර්මාන්ත පුරයක් " තමා ජනාධිපතිධුරයට පත්වූ පසු විදෙස් ආයෝජන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්…

"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට කර්මාන්ත පුරයක් "

තමා ජනාධිපතිධුරයට පත්වූ පසු විදෙස් ආයෝජන මෙරටට රැගෙන ඒමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දිගන නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් දිගන නගරයේදී "එක්ව ඉදිරියට" යන්න තේමා කර ගනිමින් අඟහරුවාදා (05) පැවැත් වුණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

දැන්වීම

"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක බැගින් අලුතෙන්ම කර්මාන්ත පුරවරයක් අපි ආරම්භ කරනවා.

ඉන්දියාවට, බංගලාදේශයට, වියට්නාමයට,නේපාලයට, කාම්බෝජයට ගලාගෙන යන සෘජු විදේශීය ආයෝජන අපේ රටට ගෙන්නන්න රතු පලසක් එළලා විදේශිය ආයෝජනවලට රුචිකත්වයක් දක්වන ආර්ථික පරිසරයක් ගොඩනගලා එදා අගනුවරින් ගමට මගේ පියාණන් කර්මාන්තශාලා ගෙනාවා වගේම අනිවාර්යයෙන් අනිවාර්යෙන්ම කර්මාන්ත පුරවර වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

ඒ තුළින් යෞවන යෞවනියන් තුළ ඇති විරැකියා ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලෙස රැකියා ලක්ෂ ගණනින් බිහිකරනවා.

සියලු දෙනාට සහනයක් වන ප්‍රතිපත්ති ප්‍රකාශයක් මම ඉදිරිපත් කරලා තියෙනවා.

මගේ ප්‍රතිපත්ති මාලාව හොඳින් කියවන්න.

එහි ඇති ඉස්පිල්ලක් පාපිල්ලක් පාසා දිවිහිමියෙන් මහපොළොවේ එය ක්‍රියාත්මක කරනවා.

පහුගිය කාලේ දිගනේ සිදුවීමේ දී විපතට පත්වු ඉස්ලාමීය පවුල් හමුවෙන්න මට එන්න බැරි වුණා.

ඒ මම දැඩි අසනීප තත්ත්වයකින් හිටපු නිසා.

ඒ සිදුවීමේ දී විපතට පත් වු සියලු දෙනාගේම අනාගතය මම බාර ගන්නවා"

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අන්තවාදී ගැටුම් වලින් විපතට පත් වූ අයගේ අනාගතය මම භාර ගන්නවා-සජිත්- | Lanka Newsweek