අන්තරේට එල්ල කළ ප්‍රහාරය කරූ හෙළා දකියි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක්…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළා දකින අතර ඊට දැඩි විරෝධය ද පළ කරන බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් පසුගිය බ්‍රහස්පතින්දා සංවිධානය කෙරුණු විරෝධතා පෙළපාලියට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය අප සලකන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර ඇති ජනතාව සතු භාෂණයේ මූලික අයිතියට එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙසටය.
විශේෂයෙන්ම අද රට මුහුණදෙමින් සිටින දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදය පිළිබදව සැලකීමේදී රටේ සියලුම පාර්ශවයන් ඒ පිළිබදව වන අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යාවශය. එහිදී රටක් ලෙස අප එම අභියෝගය ජය ගත යුත්තේ සාමූහිකව එක්සත් වීමෙන් සහ ඒ පිළිබදව වන ගැඹුරු එකඟතාවයක් ඇති කර ගැනීමෙනි.
දැන්වීම
ඒ සදහා ප්‍රවේශවීමේ ප්‍රථම සහ මූලික වගකීම පැවරෙන්නේ රජයට ය. එහිදී රජයේ මූලික කාර්යය භාරය ලෙස අප සලකන්නේ රටේ අනිකුත් දේශපාලන සහ සමාජ ස්ථරයන් සමග සම්මුතියක් උදෙසා වන සංවාදයකට යොමු වීමය. එහෙත් වෙනස් මත දරන දේශපාලන සහ සමාජ කණ්ඩායම් වෙත මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීම මගින් සිදු වනු ඇත්තේ ඒ සදහා විවෘත කර තබා ගත යුතුව ඇති දොරටු අත්තනෝමතික ලෙස වසා දැමීමය. ඒ පිළිබදව අප තුළ ඇති කර වන්නේ බලවත් කනස්සල්ලකි.
එබැවින් රටේ මූලික නීතියට ගරු කරමින් ජනතාව සතු භාෂණයේ අයිතියට සේම සාමකාමී ලෙස රැස්වීමට සහ විරෝධතා දැක්වීමට ඇති නිදහසට මේ ආකාරයට ප්‍රහාරයන් එල්ල කිරීම අප තරයේම හෙළා දකිමු. ඒ සමගම මේ රටේ ජනතාවගේ සහ අනාගත පරපුරේ නාමයෙන් අප සියලුම දේශපාලන බලවේගයන් වෙතින් ඉල්ලා සිටින්නේ අද රට මුහුණදී ඇති දැවැන්ත අර්බුදය නිවැරදිව හදුනා ගනිමින් කටයුතු කරන ලෙසටය. ඒ සදහා සාමූහික සහ ඵලදායී විසදුමක් සපයා ගැනීම උදෙසා වගකීම් සහගත ලෙස කටයුතු කරන ලෙසය.