අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

පරිසර අධිකාරිය නිදිද..? හන්තානයේ රැකවල්ලු මුනිවත රකිති මහනුවර දිසාපති කෝ..? හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..? භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..! හන්තානය රැක ගැනීමට පෙරට එනු..! (සුජිත් මංගල ද…

පරිසර අධිකාරිය නිදිද..?

හන්තානයේ රැකවල්ලු මුනිවත රකිති 

මහනුවර දිසාපති කෝ..?

හන්තාන නීතිය ආරාමවලට වලංගු නැද්ද..?

භාවනා කුටි සංචාරකයින්ට කුලියට දෙනවාලු..!

හන්තානය රැක ගැනීමට පෙරට එනු..!

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

(සුජිත් මංගල ද සිල්වා)

මහනුවර උල්පත කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ආරිය ගවේෂී නා හිමියන්, හන්තාන රක්ෂිතයේ ඉදි කර ඇති විශේෂ කුටි සියල්ලම අනවසර සහ නීති විරෝධී ඉදිකිරීම් බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබේ.

හන්තානය සුරැකීමේ නීතිය ඇතුළු පාරිසරික නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් සිදු කර තිබෙන මේ ඉදි කිරීම් සියල්ල අනවසර සහ නීති විරෝධී බව "lankanewsweek" කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අවධාරණය කර සිටී, ගඟ වට කෝරළයේ ප්‍රාදේශීය සභාවේ සභාපති සුභාෂ් යටවර මහතා මෙම කිසිදු ඉදි කිරීමක් සඳහා ප්‍රාදේශීය සභාව අනුමැතිය ලබා දී නොමැති අතර ප්‍රාදේශීය සභාවෙන් කිසිදු අනුමැතියක් ඉල්ලා නොමැති බව ද පෙන්වා දුන්නේය.

දැන්වීම

මහනුවර උල්පත කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ආරිය ගවේෂී නා හිමියන්, හන්තාන රක්ෂිතයේ මෙම අනවසර සහ නීති විරෝධී ඉදි කිරීම් සිදු කරමින් සිටින්නේ 2007 වර්ෂයේ සිට බව ද, භාවනා කුටි ලෙස මවා පාමින් ඊට මුවා වී ඉදි කර ඇති මෙම විශේෂ කුටි විදේශීය සංචාරකයින් සඳහා කුලියට ලබා දෙන බවට පැමිණිලි ලැබී තිබෙන බව ද සභාපතිවරයා පැවසීය.

පාරිසරික නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් සිදු කර තිබෙන මෙම අනවසර සහ නීති විරෝධී ඉදි කිරීම් සම්බන්ධයෙන් තමා පාරිසරික අධිකාරිය, ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය, ස්වාභාවික සම්පත් කළමනාකරණ ආයතනය, ගඟ වට කෝරලයේ ප්‍රාදේශීය සභාව සහ මහනුවර දිසාපති කාර්යාලය ඇතුළු සියලු බලධාරීන්ට බ්‍රහස්පතින්දා (17) පැමිණිලි කළ බව ද සුභාෂ් යටවර මහතා "lankanewsweek" සමග පැවසීය.

හන්තාන රක්ෂිතයේ ඉදිකිරීම් සිදු කිරීම, හන්තානය සුරැකීමේ නීතියට අනුව සපුරා තහනම්ව තිබියදී, මහනුවර උල්පත කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ආරිය ගවේෂී නා හිමියන් එම රක්ෂිතයේ මෙම අනවසර සහ නීති විරෝධී ස්ථිර ඉදි කිරීම් සිදු කළේ කෙසේද යන ප්‍රශ්නය මතු වන අතර පාරිසරික නීති රීති උල්ලංඝණය කරමින් මෙම ඉදි කිරීම් සිදු කරද්දී පරිසර අධිකාරිය, මහනුවර දිසාපතිවරයා සහ හන්තානය සුරැකීමේ සංවිධානය මුණිවත රකිමින් ඊට අනුබල දීම සැක සහිත යැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම සියලු බලධාරීන්ට ඉදිරියේ දී අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදු වනු ඇති අතර ජනතාවට වග කීමට ද සිදු වනු ඇතැයි ද ඔවුහූ වැඩි දුරටත් කරුණු දක්වමින් "lankanewsweek" සමග පැවසූහ.

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අනවසර ඉදිකිරීම්වලින් උල්පත කන්ද ආරාමය හන්තානය වනසයි | Lanka Newsweek