අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි

අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි

එසේ නොවුණේ නම් COVID එක්ක ආර්ථිකයත් සොහොනට යන්න ඉඩ තිබුණා නිවැරදි උපදෙස්වලට රජය සවන් දීම අගය කළ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) අනවශ්‍ය රාජ්‍ය වියදම් සියල්ල කපා හැරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය රටේ…

එසේ නොවුණේ නම් COVID එක්ක ආර්ථිකයත් සොහොනට යන්න ඉඩ තිබුණා 

නිවැරදි උපදෙස්වලට රජය සවන් දීම අගය කළ යුතුයි

(සුජිත් මංගල ද සිල්වා) 

අනවශ්‍ය රාජ්‍ය වියදම් සියල්ල කපා හැරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය රටේ ආර්ථිකයට අතිශයින්ම වැදගත් වනු ඇති අතර එම තීරණය අගය කළ යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ආර්ථික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

එසේ නොවුණ හොත් සිදු වීමට නියමිතව තිබුණේ COVID-19 වසංගතය එක්ක රටේ ආර්ථිකය ද සොහොන් බිමට ගමන් කිරීම යැයි පෙන්වා දුන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා රජය ගෙන ඇති මෙම තීරණයෙන් පැහැදිලි වන්නේ යමෙකු රජයට නිවැරදිව උපදෙස් දී ඇති අතර රජය එම උපදෙස්වලට සවන් දී ඇති බව යැයි ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් "lankanesweek' සමග වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ ද කීය.  

දැන්වීම


"රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රජය සිය අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට යන බව "Govt. to cut down on state expenses" යන ශීර්ෂය යටතේ, "Daily Mirror" පුවත්පත අඟහරුවාදා (31) වාර්තා කර තිබෙනවා. රජය ගෙන ඇති එම තීරණයෙන් පැහැදිලි වන්නේ යමෙකු රජයට නිවැරදිව උපදෙස් දී ඇති අතර රජය එම උපදෙස්වලට සවන් දී ඇති බවය. 

එසේ නොකර තව දුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ රටේ වාණිජ බැංකුවලින් ණයට ගැනීම සහ වියදම් කිරීම සිදු කරන්නේ නම් සිදු වන්නේ COVID-19 වසංගතය සමඟ රටේ ආර්ථිකය ද සොහොන් බිමට ගමන් කිරීමයි. කෙසේ වෙතත්, රජය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමෘද්ධිය වැනි සුභ සාධන කටයුතු සඳහා ද  COVID-19 වසංගතයෙන් පීඩාවට පත් පවුල් සඳහා ද ලබා දෙන ආධාර අඩු නොකළ යුතු අතර එම සුභ සාධන ඉහත වියදම් සිදු කරන වර්ධන නැඹුරු වියදම් හෙවත් රටේ ආර්ථික වර්ධනයට හේතු වන වියදම්වලට පමණක් රජය ප්‍රමුඛත්වය දිය යුතුයි."

අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි | Lanka Newsweek