අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධිවේගී පිවිසුම ආසන්නයේ අනතුරක්.

අධිවේගී පිවිසුම ආසන්නයේ අනතුරක්.

බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80. 9 කණුව අසලදී වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු…

 බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 80. 9 කණුව අසලදී 

වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු මෝටර් රථය ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ වන බවයි.

මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමත් සමග මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ද ගැටී තිබුණි.

තුවාල ලබා මෝටර් රථයේ සිරවී සිටි පිරිසව කඩිනමින් මුදාගෙන රෝහල්ගත කිරීමට ඒ අසලින් ගමන්ගත් රියදුරන් කටයුතු කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න