අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!

අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!

(ජයකාන්ත ලියනගේ) අහුන්ගල්ල කිරිල්ල ඇළ නිසි ලෙස සකස් නොකිරීමනිසා මේ දිනවල නොකඩවා ඇද හැලෙන වර්ෂාවෙන් අහුන්ගල්ල කෝපිවත්ත ප්‍රදේශයේ මුකුණුවැන්න හා කොළ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ. ගල්වෙහෙර මාදු…

(ජයකාන්ත ලියනගේ)

අහුන්ගල්ල කිරිල්ල ඇළ නිසි ලෙස සකස් නොකිරීමනිසා මේ දිනවල නොකඩවා ඇද හැලෙන වර්ෂාවෙන් අහුන්ගල්ල කෝපිවත්ත ප්‍රදේශයේ මුකුණුවැන්න හා කොළ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.

ගල්වෙහෙර මාදු ගඟේ සිට ගලා එන කිරිල්ල ඇළඅහුන්ගල්ල එගොඩමුල්ල ප්‍රදේශයෙන් මුහුදට ගලා බසී. ඇළේ මුල් කොටස සකස් කළත් මුහුදට ගලා යන කොටස නඩත්තු නොකිරීම නිසා කෝපිවත්ත ඇතුඵ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යට වෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.මේ පිළිබඳව කොල එලවළු හා මුගුණුවැන්න වගාකරුවෙක් වන අහුන්ගල්ල එගොඩමුල්ලේ පදිංචි එච් මනෝජ් ප්‍රියංකර ද සොයිසා මහතා (50)මහතා මෙසේ කීය.

"අහුන්ගල්ල, බෝගහපිටිය, මිද්දරමුල්ල, නුගුටිය,හෑගල්ල, ගල්වෙහෙර යන වසම් කිහිපයකම වැසි වතුර මුහුදට ගලා යන්නේ කිරිල්ල ඇළෙන්. ඇළකස් කළත් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මුහුදට ගලා යන මීටර් දෙතුන් සියය කවදාවත්සුද්ද කරන්නේ නැහැ. මෙම කොටසේ කුඩා බෝක්කු හතරක් තිබෙනවා. ගාලු පාර හරහා තිබෙන්නේඅඩි හතරක් පමණ කුඩා බෝක්කුවක්. මේ නිසා වතුර ගලා යන්නේ ඉතා මන්දගාමීවයි. දැනට වසරදහයක පමණ කාලයක් සිට මේ කොටස නඩත්තු කරල නැහැ. ගල්වෙහෙර ප්‍රදේශයේ ඇතම් අය ඇළඅහුරා ගොඩ කරගෙන තිබෙනවා. සුද්ද කරන්න නිලධාරින් ආවත් කරන්න දෙන්නේ නැහැ.මේ නිසා හැමදාම අපි ගංවතුර තර්ජනයට මුශුණදෙනවා. මම දීර්ඝ කාලයක් තිස්සේ සිට මේ මුකුණුවැන්න ඇතුඵ කොළ එළවඵ වගාව කරන්නේ.අක්කර හයක් විතර වගා කරනවා. මෙයින් පවුල් ගණනාවක් ජීවත් වෙනවා. ඇළ මාර්ගය පවිත්‍රකර ගංවතුර තර්ජනයෙන් බේරා දෙන ලෙස ඉල්ලා සිටිනවා" යැයිද කීය.

දැන්වීම

අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!

අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අධික වර්ෂාවෙන් මුකුණුවැන්න වගා භුමිවලට හානි..! | Lanka Newsweek