අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධිකරණ සේවකයෝ රට වෙනුවෙන් පසු බසිති

අධිකරණ සේවකයෝ රට වෙනුවෙන් පසු බසිති

(ජයකාන්ත ලියනගේ) අලූත්ගම කන්දෙවිහාරයේ දී මාර්තු 10 වන දින පැවැත්වීමට නියමිතව තිබු සමස්ත ලංකා අධිකරණ, කළමනාකරණ හා ලිපිකරු සේවකයින්ගේ විරෝධතාවය හා දේව කන්නලව්ව හදිසි නිතිය මත දින නියමයක් නොමැතිව කල්…

(ජයකාන්ත ලියනගේ)

අලූත්ගම කන්දෙවිහාරයේ දී මාර්තු 10 වන දින පැවැත්වීමට නියමිතව තිබු සමස්ත ලංකා අධිකරණ, කළමනාකරණ හා ලිපිකරු සේවකයින්ගේ විරෝධතාවය හා දේව කන්නලව්ව හදිසි නිතිය මත දින නියමයක් නොමැතිව කල් දැමු බව සමස්ත ලංකා අධිකරණ කලමනාකරණ සේවාවේ අධිකරණ ලිපිකරු සංගමයේ ලේකම් සුසිල් සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

දිගු කලක් තිස්සේ අධිකරණ ක්ෂේත‍්‍රයේ නියැලි කාර්යාල සේවකයින් මුහුණ පා ඇති බරපතල ගැටලූ සම්බන්ධයෙන් අධිකරණ කොමිෂන් සභාවට කල පැමිණිලි වලට සාධාරණයක් විසදුමක් නොලැබීම මත මෙම විරෝධතාවය හා දේව කන්නලව්ව සැලසුම් කර තිබුණි.

දැන්වීම

දිවයින පුරා ඇති අධිකරණ 120 කට ආසන්න 12000 ක් පමණ වන අදාල සේවාවේ නිරතව සිටින ඔවුන්ගේ වෘත්තිමය ගැටලූ රැසක් සම්බන්ධයෙන් වසර කිහිපයක සිට කල ඉල්ලීම් වලට මෙතෙක් විසදුමක් ලැබී නැතැයි සමස්ත ලංකා අධිකරණ සේවාවේ වෘත්තිය සමිති එකමුතුව වෙනුවෙන් සමස්ත ලංකා අධිකරණ කලමනාකරණ සේවාවේ අධිකරණ ලිපිකරු සංගමයේ ලේකම් සුසිල් සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත‍්‍රාත්අධිකරණය හා අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය, යන ලෙස අධිකරණ සේවා පද්ධතිය සැකසී ඇති අතර අසාධාරණයට ලක්ව ඇති සේවකයින් මෙම සියඑ අධිකරණයන්හි සේවය කරනු ලබයි.

සමස්ත ලංකා අධිකරණ වෘත්තිය සමිති එකමුතුව, අධිකරණ පවුල් උපදේශකවරුන්ගේ සංගමය අධිකරණ සේවා ලඝු ලේඛක සංගමය අදිකරණ පොත් බැදීම් නිලධෘරින්ගේ සංගමය ඇතුලූ සංගම් මගින් අධිකරණ කොමිසම් සභාවේ ලේකම්වරයා හා අධිකරණ ඇමති වෙත සිය දුක්ගැනවිලි ඉදිරිපත් කල ද ඒවාට මෙතෙක් නිසි විසදුම් ලැබී නැති බවද සමස්ත ලංකා අධිකරණ කලමනාකරුණ සේවාවේ අධිකරණ ලිපිකරු සංගමයේ ලේකම් සුසිල් සමරසිංහ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

තමන් ඉදිරිපත් කර ඇති දුක් ගැනවිලි අතර අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත්වීම් ලබා දෙන ක‍්‍රමය අනුව ඉහළ වැටුපක් එම නිලධාරින්ට ලැබුණත් ඔවුන්ට වෙනත් ආයතන හෝ රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා වල සේවා සදහා ඉල්ලූම් කල නොහැකි වන පරිදි ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංක 114 වගන්තියෙන් ව්‍යවස්ථාපිත උපලේඛණයක් ඇතුලත් කර ඇති බවද වේ. රජයේ නිලධාරින් පිළිබද අංක 224 / 15 සහ 1982 /1223 දරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් රජයේ නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව එම කටයුතු සිදු කල බවද ඔවුන් පෙන්වා දී ඇත.

එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් බදවා ගන්නා සේවකයින් අධිකරණ පද්ධතියේ සේවාවලට අනුයුක්ත කිරිම 2005 වසරේ සිට ආරම්භ කර ඇති බවත් ඒ අයට වෙනත්  ඕනැම රාජ්‍ය ආයාතනයකට ස්ථාන මාරු ලබාගැනීමේ හැකියාව තිබෙන බවත් ඔවුන්ගේ වැටුප් අදිකරණ කොමිසමෙන් බදවා ගන්නා අයගේ වැටුප් හා සමාන විම වැනි වැටුප් විශමතා සිය සේවා ගැටලූ තුල පවතින බවද සුසිල් සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

අධිකරණ සේවාවේ අධිකරණ ලිපිකරු යතුරු ලේඛක ලඝු ලේඛක භාෂා පරිවර්තක අදිකරණ පොත් බැදුම් නිලධාරින් හවුල් උපදේශක තනතුරු වැනි ක්ෂෙත‍්‍රයන්හි මෙම විෂමතාවයන් බරපතල ලෙස තිබෙන බවත් එම රාජකාරී ස්වභාවය අනුව මේ අයට සරිලන වැටුප් ගෙවීමක් මේ වන විට සිදුනොවන බවත් ඒ මහතා අනාවරණය කළේය.

සංගමයේ සභාපති, රුවන් සෙනෙවිරත්න හා ලේකම් සුසිල් සමරසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව විරෝධතාවය කල් දැමීමේ නිවේදනය නිකුත් කර ඇත. අදාල විරෝධතාවය හා දේව කන්නලව්ව වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අධිකරණ සේවකයෝ රට වෙනුවෙන් පසු බසිති | Lanka Newsweek