අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධිකරණ සේවකයෝ පාරට බසිති..?

අධිකරණ සේවකයෝ පාරට බසිති..?

(ජයකාන්ත ලියනගේ) දිගු කලක් තිස්සේ අධිකරණ ක්ෂේත්‍රයේ නියැලි සිටින කාර්යාල සේවකයින් මුහුණ පා ඇති බරපතල ගැටලූ සම්බන්ධයෙන් ඔවුන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. මේ ප්‍රශ්න සඳහා සාධාරණ…

(ජයකාන්ත ලියනගේ)

දිගු කලක් තිස්සේ අධිකරණ ක්ෂේත්‍රයේ  නියැලි සිටින කාර්යාල සේවකයින් මුහුණ පා ඇති බරපතල ගැටලූ සම්බන්ධයෙන් ඔවුන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. මේ ප්‍රශ්න සඳහා  සාධාරණ විසදුමක් ලබා නොදෙන්නේ  නම් කඩිනමින් වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා අධිකරණ සේවාවේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

දිවයින පුරා පිහිටා තිබෙන අධිකරණ 120 කට ආසන්න සංඛ්‍යාවක 12000 ක් පමණ අදාළ සේවාවේ කටයුතුවල නියැලී සිටියත් වසර කිහිපයක සිටම ඉල්ලීම් කරන වෘත්තිමය ගැටලූ රැසක් සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලැබී නැතැයි සමස්ත ලංකා අධිකරණ සේවාවේ වෘත්තිය සමිති එකමුතුව වෙනුවෙන් සමස්ත ලංකා අධිකරණ කලමනාකරණ සේවාවේ, අධිකරණ ලිපිකරු සංගමයේ ලේකම් සුසිල් සමරසිංහ මහතා පැවසීය.

දැන්වීම

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත‍්‍රාත් අධිකරණය හා අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය, යන  අධිකරණවල මෙම සේවා පද්ධතිය සැකසී ඇත.

සුසිල් සමරසිංහ මහතා වැඩි දුරටත් අනාවරණය කළේ සමස්ත ලංකා අධිකරණ වෘත්තිය සමිති එකමුතුව, අධිකරණ පවුල් උපදේශකවරුන්ගේ සංගමය, අධිකරණ සේවා ලඝු ලේඛක සංගමය, අධිකරණ පොත් බැදීම් නිලධාරින්ගේ සංගමය ඇතුළු සංගම් මගින් අධිකරණ කොමිසම් සභාවේ ලේකම්වරයා හා අධිකරණ ඇමති වෙත සිය දුක්ගැනවිලි ඉදිරිපත් කළ ද ඒවාට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවයි.

තමන් ඉදිරිපත් කර ඇති දුක් ගැනවිලි අතර අධිකරණ සේවා කොමිසන් සභාව මගින් පත්වීම් ලබා දෙන ක‍්‍රමය යටතේ  ඉහළ වැටුපක් නිලධාරින්ට ලැබුණත් ඔවුන්ට වෙනත් ආයතන හෝ රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථාවල සේවා සදහා ඉල්ලූම් කළ නොහැකි බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංක 114 වගන්තියෙන් ව්‍යවස්ථාපිත උපලේඛණය අනුව රජයේ නිලධාරින් පිළිබද අංක 224 /15 සහ 1982/1223 දරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් රජයේ නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව එසේ සදහන් වන බැවින් මෙම තත්ත්වය උදා වී තිබෙන බවද අධිකරණ සේවාවේ සේවක සංගම් පෙන්වා දෙයි.

එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් බදවා ගන්නා සේවකයින් අධිකරණ පද්ධතියේ සේවාවලට අනුයුක්ත කිරිම 2005 වසරේ සිට ආරම්භ වි ඇති බවත් ඒ අයට වෙනත්  ඕනැම රාජ්‍ය ආයාතනයකට ස්ථාන මාරු ලබා ගැනීමේ හැකියාව මේ වන විටත් තිබෙන බවත් ඔවුන් ප‍්‍රකාශ කරයි. ඔවුන්ගේ වැටුප්ද අධිකරණ කොමිසමෙන් බදවා ගන්නා අයගේ වැටුප් හා සමාන විම වැනි වැටුප් විෂමතා සිය සේවා ගැටලූවල පවතින බව ද සුසිල් සමරසිංහ මහතා අනාවරණය කළේය.

අධිකරණ සේවාවේ අධිකරණ ලිපිකරු, යතුරු ලේඛක, ලඝු ලේඛක, භාෂා පරිවර්තක, අධිකරණ පොත් බැදුම් නිලධාරින්, හවුල් උපදේශක තනතුරු වැනි ක්ෂෙත‍්‍රයන්හි මෙම විෂමතාවයන් බරපතල ලෙස තිබෙන බවත් රාජකාරී ස්වභාවය අනුව මේ අයට සරිලන වැටුප් ගෙවීමක් මේ වන විට සිදු නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

සුසිල් සමරසිංහ හා එම සංගමයේ සභාපති රුවන් සෙනෙවිරත්න යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත සිය දුක්ගැනවිලි යොමු කර මේ ගැන සාකච්ඡා කිරිමට දිනයක් වේලාවක් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් මේ වන තෙක් ඔවුන් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාකර නැතැයිද ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අධිකරණ සේවකයෝ පාරට බසිති..? | Lanka Newsweek