"අධිකරණය සියලු දෙනාට සමානයි"

(නායක බණ්ඩාර) "අද අධිකරණය කාටත් එකක්යැ" යි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ පවුල් 1205 ක් සඳහා…
(නායක බණ්ඩාර)
"අද අධිකරණය කාටත් එකක්යැ" යි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ පවුල් 1205 ක් සඳහා සමෘද්ධි සහනාධාර හිමිකම් පත් ලබාදීමේ අවස්ථාවකට ඊයේ (30) එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
දැන්වීම
රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති මේ උත්සවයේ දී අමාත්‍යවරිය මෙසේ ද පැවැසීය.
දුප්පත්කම පවත්වා ගෙන තමුන්නාන්සේලා හැමදාම අඩු ආදායම්ලාභීන් ලෙස ඉන්න ඕන කියලා හිතන අය තමයි අධිකරණයට පොලීසියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩවලට ඇඟිලි ගහන්නේ.
"අපි අගමැතිතුමාගේ නායකත්වයෙන් එකට හිටියා.අපේ රජය 2020 වෙනකල් පත් වෙච්ච රජයක්. අපිව එලවන්න හැදුවා. නමුත් අධිකරණය විසින් අපිව නීත්‍යානුකූලව නැවත පත් කළා. අධිකරණය ස්වාධීන නිසා එහෙම කළේ. අද අධිකරණය ස්වාධීනයි. එදා අග්‍රවිනිශ්චයකාරවරුන් ගෙදර යැවුවා. අද අධිකරණය කාටත් එකයි. අපිටත් එකයි ගමේ ඉන්න තමුන්නාන්සේලාටත් එකයි. හරි දේ කර ගන්න පුළුවන්. අපි අවශ්‍ය තැන අවශ්‍ය දේ කරනවා. හැම වෙලාවකම රජයේ සේවකයින්ට නිදහස ලබාදීලා තියෙනවා. හරි දේ කරන්න පොලීසියේ රාජකාරීය කරන්න අවශ්‍ය දේ කරලා තියෙනවා. අධිකරණය ස්වාධීන කරලා තියෙනවා. හැම කෙනෙකුටම මේ ලංකාවේ ඉන්න ලක්ෂ 221 ක ජනතාවට හරි දේ කරලා හරියට ජීවත් වෙන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එදා ජන සවියෙන් විශාල වැඩ කොටසක් සිදු වුණා. ඒත් මේ වැඩ පිළිවෙල 1994 න් පස්සේ දේශපාලනීකරණය වුණා."