අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා

අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා

මේ ක්‍රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා -නීතීඥ අජිත් පී පෙරේරා- අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ…

මේ ක්‍රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා

-නීතීඥ අජිත් පී පෙරේරා-  

අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ ඇති කිරීමට දරන උත්සාහයෙන් ජනපතිවරයාගේ "පුංචි මොළයේ" තරම හෙළි වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ නීතීඥ සහ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේය. 

ඔහු මේ බව පැවසුවේ, කොළඹ පදනම් ආයතනයේ ඉරිදා (19) පැවති මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වන පුළුල් මහා ජන කතිකාවට එක් වෙමින් එම මහා ජන කතිකාවත විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.  

උපරිමාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කරමින් ද,, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකරමින් ද ජනපතිවරයා කුමන්ත්‍රණය කරන්නේ තමාට හිතවත් විනිසුරුවන් කිහිප දෙනෙකු තව දුරටත් එම ධූරවල තබා ගැනීමට යැයි ද ඔහු චෝදනා කළේය.

දැන්වීම

රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීන විනිසුරුවන් කිසිවෙකු සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු කිසිම නීතීඥ සංගමයක් ද මෙවැනි ඉල්ලීමක් කර නොතිබිය දී ඒ සඳහා උත්සහ කරන්නේ කිනම් අවශ්‍යතාවයක් සහ පදනමක් මත ද යන්න පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කිව යුතු යැයි ද අජිත් පී පෙරේරා මහතා කියා සිටියේය.

අග විනිසුරුවරයා ද, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය ඇතුළු රටේ සමස්ථ අධකරණ පද්ධතියේ කිසිම විනිසුරුවරයෙකු සිය ධූර කාලය දීර්ඝ කරන්නැයි ලිඛිතව හෝ වාචිකව හෝ රහසින් හෝ ජනපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි ද ඔහු තහවුරු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගැටලු තිබෙන බවට අග විනිසුරුවරයා තමාට ලිඛිතව දැනුම් දී ඇති බව ජනපතිවරයා කියනවා නම් වහාම එම ලිපිය ප්‍රසිද්ධ කරන්නැයි ද අජිත් පී පෙරේරා මහතා ජනපතිට අභියෝග කරමින් එහිදී පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම චේතනාන්විතව හය මසක් මුළුල්ලේ ජනපතිවරයා ප්‍රමාද කර ඇති තත්ත්වය හමුවේ එම අධිකරණවල නඩු ගොඩ ගැසී පුරවැසියන් අන්ත අසරණ වී ඇතැයි ද නීතීඥ අජිත් පී පෙරේරා මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න