අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධ්‍යාපනය වෙනුවෙන් 6%ත් නෑ-අයවැයේ මුදල් හරියට වියදම් කරලත් නෑ.

අධ්‍යාපනය වෙනුවෙන් 6%ත් නෑ-අයවැයේ මුදල් හරියට වියදම් කරලත් නෑ.

අප රටේ පාසල් 10126ක් පැවැතියත් දුෂ්කර ප්‍රදේශවල පරිගණක, සුහුරු පුවරු, තොරතුරු තාක්ෂණ ගුරුවරු නොමැති පාසල් ඇති බවත් විද්‍යා ගණිත හා තාක්ෂණ ක්ෂේත්‍රවල ඉදිරියට යා හැකි දරුවන් සිටියත් ගුරු හිගය නිසා මේ…

අප රටේ පාසල් 10126ක් පැවැතියත් දුෂ්කර ප්‍රදේශවල පරිගණක, සුහුරු පුවරු, තොරතුරු තාක්ෂණ ගුරුවරු නොමැති පාසල් ඇති බවත් විද්‍යා ගණිත හා තාක්ෂණ ක්ෂේත්‍රවල ඉදිරියට යා හැකි දරුවන් සිටියත් ගුරු හිගය නිසා මේ දරුවන්ගේ විෂයානුබද්ධ අධ්‍යාපනය ඔවුන්ට අහිමි කර ඇති බවත් නිදහස් අධ්‍යාපනය ඉදිරියට යනවා වෙනුවට එය කඩා වැටෙන බවත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදල් ටිකවත් මේ රජයට හරියට වියදම් කර ගන්න නොහැකි වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය සුබසාධක සංස්කෘතියේ වැදගත් අංගයක් සේම රාජ්‍ය සුබසාධන ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක වන අතිශය වැදගත් වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් සේම මෙය මානව සහ මූලික අයිතියක් බවත් නිදහස් අධ්‍යාපනය මානව හා මූලික අයිතියක් කියන එක අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෙවත් උත්තරීතර නිතියේ දක්නට නොමැති නිසා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය මානව අයිතිවාසිකම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියේ ක්‍රියාත්මක විය යුතු බවත් ඒ වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාවතගම සාමෝදය ශාලාවේ දී කෝසල ඒකනායක ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී දරුවන්ට සඳහා ‌පොත් ලබා දීමේ වැඩසටහනක් හා එක්වෙමිනි.

දැන්වීම

මේ වන විට ලෝකයේ තාක්ෂණය දියුණුවෙමින් කෘතිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණ ප්‍රවණතා වර්ධනය වන බවත් මෙවැනි තාක්ෂණික දියුණුවක් ඇති වන විටත් අප රටේ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය ඉතාම ඛෙදනීය හා සෝචනීය තත්ත්වයකට පත්ව ඇති බවත් අද රටේ ඇති සංස්කෘතිය වන්නේ දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා යෝජනා කරන විට ඒවාට උසුළු විසුලු කර අපහාස කිරිම බවත් මෙරට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සෑම දරුවකුටම ලබා දීම අපේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශිය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් වෙන් කරන්න යැයි උද්ඝෝෂණය කළ අය බලයට පැමිණි පසු ඒවා ක්‍රියාත්මක නොවෙන බවත් බලයක් නොමැති අයගෙන් මේ යුතුකම් ඉටු නොවන විට නව තාක්ෂණික අධ්‍යාපනය ලබා දීමේ වරම ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රගතිශීලී අනාගතවාදී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බාර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ මොහොත වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පසුගිය වසරේත් විමධ්‍යගත අරමුදල් අහිමි කර තිබූ අතර මේ වසරේත් අහිමි වීමට ඉඩ ඇති බවත් මහජන නියෝජිතයන්ට විමධ්‍යගත අරමුදලින් පවා ජනතාවට සේවය කිරීමට නොහැකි මොහොතක කෙසේ හෝ නැවත වරක් සක්වල වැඩසටහන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න