අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අද දිනයේත් තද වැසි

ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග වැඩි වේ

(නිලන්ති චන්ද්‍රසේන) අදත් (24) ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එනම් සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්‍රදේශ රැසකට අද දිනයේත මිලිමීටර් 100 – 150…

(නිලන්ති චන්ද්‍රසේන)

අදත් (24) ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එනම් සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්‍රදේශ රැසකට අද දිනයේත  මිලිමීටර් 100 – 150 ත් අතර තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ඊයේ දහවල් සිට අද අලුයම දක්වා ගාල්ල ප්‍රදේශයට මිලිමීටර් 69.3 ක් කුරුණෑගලට මිලිමීටර් 40.05 ක්, මන්නාරමට මිලිමීටර් 38.7 ක් හා යාපනයට මිලිමීටර් 57.5 ක වර්ෂාපතනයනක් ලැබී ඇති අතර පවතින අපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ජනතාවට බලපෑම් එල්ලවී ඇත. මේ වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී ඇති අතර පීඩාවට පත් ව ඇති ජනතාව එක් ලක්ෂ පන්දහස් තුන්සිය පනස් දෙක දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ වන විට පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ස්ථානවල වෙසෙන, ජනතාවට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබේ.

තව ද පවති.

තවද රාජාංගනය ජාලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම සාලියවැව නීල බැම්ම අමුණ වාන් දමමින් පවතින බව  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මේ වන විට  පුත්තලම, වනාතවිල්ලාව හරහා මන්නාරම මාර්ගය තවමත් ජලයෙන් යටව පවති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අද දිනයේත් තද වැසි | Lanka Newsweek