අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අද එජාපයේ සියලු මන්ත්‍රීවරු රනිල්ව හමුවෙයි

අද එජාපයේ සියලු මන්ත්‍රීවරු රනිල්ව හමුවෙයි

පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට බදාදා(27) කැඳවා…

පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට බදාදා(27) කැඳවා ඇති බව වාර්තා වේ.

පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මෙන්ම පක්ෂය තුළ මේවන විට හට ගෙන ඇති අර්බුධකාරී තත්ත්වය සහ ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන්ද සියලු මන්තී‍්‍රවරුන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සිදු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණයේදී සිදු වූ පසුබෑම සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා මහතා අවධාරණය කර සිටී.

දැන්වීම

කෙසේ වෙතත්, පක්ෂ නායක ධූරය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් තුළ තව දුරටත් පරස්පර අදහස් පවතින අතර හිටපු අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායක ධූරය සහ පක්ෂ නායකත්වය කිසිවෙකුටත් බලෙන් ලබා ගැනීමට නොහැකි බව පැවසූ නමුත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා සඳහන් කළේ පක්ෂයේ බහුතර මතයට කන්දී කථානායකවරයා විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිවැරදි තින්දුවක් ගත යුතුව තිබෙන බවයි.

පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අඟහරුවාදා (26) පස්වරුවේ පැවති අතර එයට සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට තිබූ නමුත් එම මහතා එයට සහභාගී නොවීය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න