අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අදානි ලංකාව හැර යයි..?

අදානි ලංකාව හැර යයි..?

ඩොලර් බිලියනයක ආයෝජනයක්..? “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” අදානි ආයෝජන මණ්ඩලයට දැනුම් දෙයි ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය…

ඩොලර් බිලියනයක ආයෝජනයක්..? 

“ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්”

අදානි ආයෝජන මණ්ඩලයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියනයක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම තීරණය කර තිබේ.ඔවුන් මෙම තීරණයට පැමිණ ඇත්තේ මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් පිළිබඳව සලක බැලීමෙන් අනතුරුව බව වාර්තා වේ.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන විටත් ලබා ගෙන අවසන් පසුබිමක මෙලෙස ඉවත්ව යාම තරමක් පුදුම සහගත බව ආයෝජන විශ්ලේෂකයන් පෙන්වා දෙයි. අදානි ග්‍රීන් එනර්ජි සමාගම මේ පිළිබඳව මේ වන විට ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දී ඇති අතර මෙය “ගෞරවාන්විත ලෙස ඉවත්වීමක්” බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගත ව්‍යාපෘති වෙනුවෙන් තම සමාගම විවෘත බවත් ප්‍රකාශ කර ඇත.

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න