අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා

අදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් මම දෙපා නැමද නමස්කාරය කරන පිරිසක්. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි පොලිසියට උපදෙස් දීලා තිබ්බේ කිසිම විදියකින් ඔවුන්ට අතවත් තියන්න එපා කියා මහජන…

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් මම දෙපා නැමද නමස්කාරය කරන පිරිසක්. ඒ නිසා තමයි පහුගිය දවස්වල ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි පොලිසියට උපදෙස් දීලා තිබ්බේ කිසිම විදියකින් ඔවුන්ට අතවත් තියන්න එපා කියා මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එසේ පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලැබූ අපරික්ෂාකාරී රියදුරන් හඳුනා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමේ උත්සවයේදීය.

මෙහිදී වැඩිදුරටත් ඒ මහතා පැවසූයේ ආර්ථික වශයෙන් අද අපි ආර්ථික ගැටළුවකට මුහුණපාලා තියෙනවා. විදේශික සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. විදේශ වල සේවය කළ බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා ලංකාවට ඇවිත් ඉන්නවා. සෞඛ්‍ය අංශයට නොසිතු ලෙස නොසිතුලෙස මුදලක් වැය කරන්න වෙලා තියෙනවා. ඉල්ලීම් සාධාරණ වුණත් අසාධාරණ වුණත් ජනරාශීන් උද්ඝෝෂණ රැලි සාධාරණය කරන්න බැහැ. මේ වෙලාවේ රෝග ව්‍යාප්තිය නැවැත්වීම සඳහා අපි කටයුතු කළ යුතු බව සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් පැවසීය .

මෙම අවස්ථාව සඳහා ගරු ප්‍රවාහන අමාත්‍ය ගාමීණී ලොකුගේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් ප්‍රවාහන අමාතංශයේ ලේකම් එන්.බී.එම්.රණතුංග මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.

අදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අදටත් පාරෙ දැක්කම ගුරුවරුන්ගේ දෙපා නමදිනවා | Lanka Newsweek