අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අතින් දීල රඟපාන රන්වීර් - බොලිවුඩයෙන් ඇසෙන කතා

අතින් දීල රඟපාන රන්වීර් - බොලිවුඩයෙන් ඇසෙන කතා

රන්වීර්ගේ පළවෙනි චිත්‍රපටියට ඔහුගේ තාත්තා ආදිත්‍යට කෝටි 20ක් දුන්නා..? (Mmp Ranaweera) "ඊට පස්සෙයි රන්වීර් යෂ් රාජ් ෆිල්ම්ස් (YRF) සමාගමින් හඳපු Band Baaja Baaraat චිත්‍රපටියෙන් සිනමාවට එන්නේ.. ඔහු…

රන්වීර්ගේ පළවෙනි චිත්‍රපටියට ඔහුගේ තාත්තා ආදිත්‍යට කෝටි 20ක් දුන්නා..?

(Mmp Ranaweera)

"ඊට පස්සෙයි රන්වීර් යෂ් රාජ් ෆිල්ම්ස් (YRF) සමාගමින් හඳපු Band Baaja Baaraat චිත්‍රපටියෙන් සිනමාවට එන්නේ.. ඔහු තනිකර මාධ්‍යට බොරු කියන්නේ. ඔහු සිනමාවට එන්න අරඟල කලේ නෑ එයාගේ තාත්තා ජග්ජිත් සිං භවානි කියන්නේ කෝටිපතියෙක්. ඉතින් ඒ සල්ලි වලින් පුතාගේ කැමැත්තට පොඩි මුදලක් වියදම් කලා විතරයි. ඔහු කියනවා නවකයින් 1500කින් ඔහු තේරුන බව. එය තනිකර මුලාවක්. ඔහු ඔඩිෂන් එකට යනකොටත් තේරිලයි තිබුනේ.. "

මේ අයුරින් රන්වීර් සිං ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරන්නේ ඒ කාලේ මේවගේ ප්‍රකාශ වලට ප්‍රසිද්ද පුද්ගලයෙක් වූ කමාල් ආර්. ඛාන් විසිනුයි. ඔහු ට්ට්විටර් හරහා නළු නිළියන් ගැන හෙළිකළ බොහෝ දේවල් පසු කාලීනව සත්‍ය වූ අතර මේ ප්‍රකාශයත් ඒ අයුරින් ඔහු සිදු කළ ප්‍රකාශයක් වූවා..

කමාල් ආර්. ඛාන් නැතහොත් KRK ලෙසද හැඳින්වෙන මේ පුද්ගලයාගේ ප්‍රකාශයට රන්වීර් පිළිතුරු දී තිබුනේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යක් වබයි.. තමා නළුවෙක් වෙන්න ඉතා වෙහෙසුන බවත් ඔහු ඉන්ටවිව් වලදී කරන ප්‍රකාශ සත්‍ය බවත් රන්වීර් ප්‍රේක්ෂකයින් හමුවේ දිව්රා ප්‍රකාශ කළා.

දැන්වීම

මේ නිසා ආයෙත් KRK රන්වීර්ට පවසා තිබුනේ ඔහු කළ ප්‍රකාශයන් අසත්‍යනම් ඉහුට වුරුද්ධව නඩුවක් දාන ලෙසටයි. නමුත් රන්වීර් ඒ අයුරින් නඩු මගට බසින්නේ නෑ..

KRK රන්වීර් බොරු කියන බවත් ඔහු මුදල් දී චිත්‍රපට රඟපාන බවටත් ඉන් පසුවත් යම් යම් අවස්ථාවන් වලදී ප්‍රකාශ කර තිබුනා. ඒ වගේම පද්මාවත් චිත්‍රපටියේ රඟපාන්න රන්වීර් සංජේ ලීලා බංසාලිටත් සල්ලි දුන් බව පසුව මිනිසුන් චෝධනා නැගුවා සේම පසුව වටින් ගොඩින් හෙළි වන්නේ රන්වීර් එහි රඟපෑමට මුදල් අඩුවෙන් අය කළ බවයි..

KRK යළිත් පවසා තිබුනේ රන්වීර් සල්ලි වලට රඟපාලා සල්ලි වලට සම්මාන ගත්තට ඔහුගේ පැවැත්ම ඉතා කෙටි කාලයක් බවයි. රන්වීර්ෆේ ව්‍යාජ හැසිරීම් ඉතා කෙටි කාලයකින් මිනිසුන්ට හෙළි වන බවත් , ඔහු අවදානය ගන්න ඕනම දෙයක් කරන කෙනෙක් බවත් KRK ඉඟි වශයෙන් විඩින් විඩ පවසා තිබුනා..

ඒ වගේම KRK විසින් මේ අවුරුද්දේ මේ මාසේ 08 වන දින එනම් මීට දින කීපයකට පෙර යළිත් රන්වීර් ගැන ප්‍රකාශයක් සිදු කරනවා..

රන්බීර් කපූර් සහ රන්වීර් සිං ගේ චිත්‍රපට දෙකක් ළඟදීම තිරගත වීමට නියමිත නිසා, මිනිස්සු ආයෙත් අහනවා, කවුද මේ දෙන්නා අතරින් හොඳම නළුවා කියලා.

"රන්බීර් කපූර් බොලිවුඩයේ විතරක් නෙවෙයි ඉන්දියාවේත් හොඳම නළුවා කියලා මම ආයෙත් කියන්න කැමතියි. ඒ නිසා රන්වීර්ට ඔහු ගාවට කිට්ටුවෙන්වත් බැහැ." යනුවෙනි..

- ලකා with Ireland boys  -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න