අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අතින් කාලා හරක් බලන මාධ්‍ය ලේකම්වරයකු සාගල හොයයි..!

අතින් කාලා හරක් බලන මාධ්‍ය ලේකම්වරයකු සාගල හොයයි..!

සාගලගේ මාධ්‍ය ලේකම්කම මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය මාධ්‍ය ලේකම් ධූරය සඳහා මාධ්‍යවේදියකු සොයා ගත නොහැකිව අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ…

සාගලගේ මාධ්‍ය ලේකම්කම මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කරයි..!

අතින් කාලා හරක් බලන මාධ්‍ය ලේකම්වරයකු සාගල හොයයි..!

(හේමන්ත තුෂිත කුමාර)

සිය මාධ්‍ය ලේකම් ධූරය සඳහා මාධ්‍යවේදියකු සොයා ගත නොහැකිව අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,තරුණ කටයුතු සහ ව්‍යපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතා දැඩි අසීරුතාවයට පත්ව සිටියි.

ඊට හේතු වී ඇත්තේ ඔහුගේ දෙවැනි මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ දිලංක ගුණතිලක මහතා ද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව බොහෝ පළ පුරුදු මාධ්‍යවේදීන් ඔහුගේ මාධ්‍ය ලේකම් තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමය.

සාගල රත්නායක අමාත්‍යවරයාගේ පළමු මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතා ද මීට මාස ගණනාවකට පෙර එම ධූරයෙන් ඉල්ලා අස්වූ අතර දිලංක ගුණතිලක මහතා එම ධූරයට පත් කෙරුණේ ඊට පසුවය.

මේ දෙදෙනාම සාගල රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන්නේ ඔහු සති අන්තයේදී මාතර,දෙනියායේ යන විටත් රට පුරා නිල රාජකාරි සහ උත්සව සඳහා යන විටත් සිය වාහනයට ඉන්දන ගසා ගැනීම ද ඉඳුම්හිටුම් සහ කෑම බීම සපයා ගැනීම ද සිය පෞද්ගලික මුදලින් කර ගැනීමට සිදු වීම මතය.

එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සමකාමී හැසිරීම් රටාව සහ ඔහුගේ ඇවතුම් පැවතුම් ද මේ මාධ්‍ය ලේකම්වරුන් මෙසේ ඉල්ලා අස්වීමට බලපා තිබෙන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

මේ කරුණු කාරණා හේතුවෙන් ඉන්ධන දීමනාව ලෙස මාසිකව ලබා දෙන රුපියල් 23.000 ට අමතරව විශාල මුදලක් ද ඉඳුම්හිටුම් සහ කෑම බීම වෙනුවෙන්  තවත් අමතර මුදලක් ද මාසිකව සිය අතින් වියදම් කිරීමට එම මාධ්‍යවේදීන්ට සිදුව ඇත.

එම මධ්‍යලේකම්වරුන් දෙදෙනා සිය අතින් වියදම් වූ  ඒ අමතර මුදල්වලට අදාළව බිල් පත් සාගල රත්නායක මහතාට ලබා දී ඇතත් ඔහු ඒ සල්ලි සිය පෞද්ගලික මුදලින් හෝ අමාත්‍යංශය මගින් හෝ ඒ අයට යළි ලබාදීම දිගින් දිගටම මඟ හැර තිබේ.

මේ මාධ්‍ය ලේකම්වරුන් දෙදෙනාම පත් කර තිබී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ මාධ්‍ය ලේකම්වරුන් ලෙස වන අතර සිය අමාත්‍යංශය යටතේ මාධ්‍ය ඒකකයක් පිහිටුවා එම මාධ්‍ය ලේකම්වරුන් ඇතුළු මාධ්‍ය ඒකකයේ සේවකයින්ට නීතියෙන් හිමි දීමනා සහ පහසුකම් ලබාදීමට සාගල රත්නායක මහතා මේ වන තුරුත් අසමත් වී සිටියි.

නීතිය අනුව අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම්වරයාට වාහනයක් ලබා දී කිලෝමීටර් 210ක් සඳහා මාසිකව රුපියල් 23.000 ක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ ඔහුට නිවසේ සිට ඔහුගේ රාජකාරියට වාර්තා කිරීමට සහ ඔහුගේ අනෙකුත් ගමන් බිමන් සඳහාය.

ඒ අනුව යම් අමාත්‍යවරයකු ඔහුගේ දේශපාලන හෝ නිල රාජකාරි සහ උත්සව සඳහා සිය මධ්‍යලේකම්වරයා රැගෙන යන්නේ නම් ඒ අමතර වියදම් ඔහු සිය අතින් දැරිය යුතු වන අතර එසේ නොවන්නේ නම් ඊට අදාළ බිල් ඉදිරිපත් කරමින් ඒ අමතර මුදල අමාත්‍යංශය මගින් සපයා දිය යුතුය.

දිලංක ගුණතිලක මහතා ද මේ අමතර වියදම් සියතින් දැරීමට නොහැකිව ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මාධ්‍යවේදීන් ගණනාවකට කතා කර මේ තනතුර භාර ගන්නා ලෙස බැගෑපත් වී ඇති අතර එහිදී එම මාධ්‍යවේදීන් කියා තිබෙන්නේ “අතින් කාලා හරක් බලන්න අපි සුදානම් නැහැ” යනුවෙනි.

අවසානයේදී ඔහු සාගල රත්නායක මහතාගේ පළමු මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ශානුක කරුණාරත්න මහතාට ද එම තනතුර යළි භාර ගන්නා ලෙස ආයාචනා කර ඇති අතර ඔහු ද එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අතින් කාලා හරක් බලන මාධ්‍ය ලේකම්වරයකු සාගල හොයයි..! | Lanka Newsweek