අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අත්හදා බැලීම් බැහැ...රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි

අත්හදා බැලීම් බැහැ...රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි අවස්ථාවක් ලබා දිය යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළිත් අවධාරණය කර සිටියි.…

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි අවස්ථාවක් ලබා දිය යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා යළිත් අවධාරණය කර සිටියි. පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී ප්‍රසන්න රණතුංග මහතා තරයේ කියා සිටියේ, රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට හැකි සහ ඊට සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාය යන්න සිය පුද්ගලික විශ්වාසය වන බවය.

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා එවැනි අත්හදා බැලීම් සිදු කිරීමට යෑමෙන් සිදු වන්නේ රට තව තවත් අගාධයට ඇද වැටීම යැයි ද අවධාරණය කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න