අත්අඩංගුවට ගත් ගුරුවර ගුරුවරියන්ට කොවිඩ් නෑ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට…
(හේමන්ත තුසිත කුමාර)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බදාදා(04) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බවය. අත්අඩංගුවට ගත් 44 දෙනාට ඇන්ටිජන් පරික්ෂාව සිදු කර ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇත.
මේ 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු ද ඇතුළත් වේ. ඒ අනුව එම පුද්ගලයින් බ්‍රහස්පතින්දා(05) අධිකරණයට ඉදිරිපත් කෙරේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1