අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අතල් බිහාරිට අවසන් ගෞරව දැක්වීමට සභානායක ඉන්දියාවට..!

අතල් බිහාරිට අවසන් ගෞරව දැක්වීමට සභානායක ඉන්දියාවට..!

(සුජිත් මංගල ද සිල්වා) අභාව ප්‍රාප්ත හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් ගෞරය දැක්වීම සඳහා සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට…

(සුජිත් මංගල ද සිල්වා)

අභාව ප්‍රාප්ත හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් ගෞරය දැක්වීම සඳහා සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ශෝක පණිවුඩ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමඟුල් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව  අද (17) සවස 2.00 ට ඉන්දීය රතු චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.  

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ අතල් බිහාරි වජ්පායි මහතා තෙවරක්ම ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන ඔහු  මිය යන විට 93 වන වියේ පසු විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අතල් බිහාරිට අවසන් ගෞරව දැක්වීමට සභානායක ඉන්දියාවට..! | Lanka Newsweek