"අතයි-පොහොට්ටුවයි" දිවා ආහාරයට පාර්ලිමේන්තු ඇවිත්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

හැබැයි පාර්ලිමේන්තු සැසිය පමණක් වර්ජනය කරලා..! (උපුල් බණ්ඩාර) රටේ අග්‍රාමාත්‍යවරයා යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව අද (27) වර්ජනය කළේය. පාර්ලිමේන්තුව වර්ජනය කළ…
හැබැයි පාර්ලිමේන්තු සැසිය පමණක් වර්ජනය කරලා..!
(උපුල් බණ්ඩාර)
රටේ අග්‍රාමාත්‍යවරයා යැයි කියා ගන්නා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව අද (27) වර්ජනය කළේය.
පාර්ලිමේන්තුව වර්ජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 හී සිය කණ්ඩායම් රැස්වීම ද පවත්වා අනතුරුව විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත් වමින් ජන මාධ්‍ය වෙත සිය ස්ථාවරය ද පැහැදිළි කර තිබේ.
එහිදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ, කතානායක කරු ජයසූරිය මහතාගේ නිත්‍යනුකූල නොවන වැඩ පිළිවෙළට විරෝධය පළකරමින් මෙසේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩු පක්ෂය ලෙස හැඳින් වෙන මන්ත්‍රීවරුන් පිරිසක් සිය අත්සන්වලින් යුතු ලිපියක් කතානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කරමින් දැනුම් දී තිබෙන්නේ, පසුගි 14,15,16,19 සහ 23 යන දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝගවලට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවය.
ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළි ගත නොහැකි නිසා ඒ එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ද එම මන්ත්‍රීවරුන් කතානායකවරයාට දැනුම් දී ඇත.
කෙසේ නමුත් මේ ලිපිය සඳහා අත්සන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සියලු දෙනාගෙන්ම මන්ත්‍රීවරුන් නම දෙනෙකු පමණකි.
පාර්ලිමේන්තු සැසි වාරය වර්ජනය කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා ඇතුළු පහසුකම් ද පාවිච්චි කරමින් සිය වැඩ කටයුතු කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් නික්ම ගොස් තිබෙන්නේ ඉතා සහන මිලකට පාර්ලිමේන්තුවෙන් ලබා දෙන සුපිරි දිවා ආහාරය ඇතුළු කෑම බීම ද භුක්ති විඳීමෙන් පසුව බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ද අවධානය යොමු කරවූ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවේ පෙන්වා දුන්නේ බහුතරය නොමැති නිසා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙසේ පාර්ලිමේන්තුව වර්ජනය කරමින් එසේ කරන්නේ කතානායකවරයාගේ ක්‍රියා කලාපය නිසා බවට රටත්-ජනතාවත් හමුවේ මතයක් නිර්මාණය කිරීමේ අසාර්ථක උත්සහයක යෙදී සිටින බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
