අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අඩුම පිරිසක් සමග ඉන්දියාවට ගිය ජනපති

අඩුම පිරිසක් සමග ඉන්දියාවට ගිය ජනපති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඊයේ ඉන්දියාවට පිටත්ව ගියේය. ජනාධිපතිවරයා අද ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස ඊයේ ඉන්දියාවට පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා අද ඉන්දීය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත බව වාර්තා වේ.

විශේෂයෙන්ම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සමග ගිය නියෝජිත කණ්ඩායමට අඩුම පිරිසක් සහභාගි වීම මෙහිදී දැක ගත හැකි වූ සාධනීය තත්වයක් ලෙස සැලකිය හැකිය.

දැන්වීම

ඒ අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් මෙම සංචාරයට සහභාගී වී ඇත.

නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් ඉන්දියාවට ළඟා වූ ජනාධිපතිවරයාව එරට රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිංග මහතා විසින් පිළිගනු ලැබුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අඩුම පිරිසක් සමග ඉන්දියාවට ගිය ජනපති | Lanka Newsweek