අජිත් වීරසිංහ වෙත lankanewsweek කණගාටුව..!

"අජිත් වීරසිංහ CIC සමාගම ඉහ ගෙන කයි" යන ශීර්ෂය යටතේ CIC Feeds, CIC Vetcare, CIC Poultry Farms සහ CIC Bio Security Breeder Farms යන සමාගම් සමූහයේ ප්‍රධාන විධායක සහ කළමණාකාර අධ්‍යක්ෂ අජිත් වීරසිංහ මහතා…
"අජිත් වීරසිංහ CIC සමාගම ඉහ ගෙන කයි" යන ශීර්ෂය යටතේ CIC Feeds, CIC Vetcare, CIC Poultry Farms සහ CIC Bio Security Breeder Farms යන සමාගම් සමූහයේ ප්‍රධාන විධායක සහ කළමණාකාර අධ්‍යක්ෂ අජිත් වීරසිංහ මහතා සම්බන්ධයෙන් "lankanewsweek" හී 2022.02.15 වැනිදා පළ වූ ප්‍රවෘත්තියේ සාවද්‍ය සහ පදනම් විරහිත කරුණු ඇතුළත් වී තිබෙන බවට මේ වන විට අප වෙත තොරතුරු ලැබී තිබේ.
සියලු පාර්ශවයන් නොමඟ යවමින් මේ කියන සාවද්‍ය සහ පදනම් විරහිත තොරතුරු සැලසුම් සහගත ලෙස මුදා හැර තිබෙන්නේ ආයතනයේ ප්‍රධානියා ලෙස එම ආයතනයේ දියුණු කරමින් ආයතනයේ වාර්ෂික ලාභය වැඩි කිරීම වෙනුවෙන් අජිත් වීරසිංහ මහතා ආයතනික මට්ටමෙන් ගෙන යන වැඩ පිළිවෙළට සහ ඔහුගේ දැඩි පාලනයට විරුද්ධ පුද්ගලයින් දෙතුන් දෙනෙකු බව "lankanewsweek" මේ සම්බන්ධයෙන් සිදු කළ අභ්‍යන්තර විමර්ශනයේ දී හෙළිදරව් විය.
මේ පදනම් විරහිත සහ සාවද්‍ය තොරතුරු ලබා දුන් එම දෙතුන් දෙනාගේ නම් සහ ඡායාරූප ඇතුළු විස්තර "lankanewsweek" ඉදිරියේ දී හෙළිදරව් කර සිටින අතර මේ ප්‍රවෘත්තිය හේතුවෙන් යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ සම්බන්ධයෙන් CIC සමාගම් සමූහය වෙත ද, එහි සභාපති හර්ෂ අමරසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් වීරසිංහ මහතා වෙත ද, වෙන්ඩි මෝලී සහ සමන්ත පේලිගේ යන මහත්ම මහත්මීන් වෙත ද "lankanewsweek" සිය සාතිශය කණගාටුව පළ කර සිටින්නෙමු.