අජිත්ට සුජීවට එරෙහිව විනය පියවර..!

(සුජිත් මංගල ද සිල්වා) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණ…
(සුජිත් මංගල ද සිල්වා)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණ ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.
මේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කරුණු දක්වමින් සිදු කර ඇති පැමිණිලි යටතේ ඔහු ලබා දී ඇති උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත් වීමෙන් මේ විනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම විනය පරීක්ෂණ මෙහෙයවීම සඳහා විශේෂ විනය කමිටුවක් ද පත් කරනු ලැබ ඇත.
අජිත් පී.පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ට එරෙහිව මේ විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පක්ෂයේ විනය සම්ප්‍රදාය සහ නිතිය උල්ලංඝනය වන අයුරින් ප්‍රකාශ නිකුත් කරමින් ද ක්‍රියා කරමින් ද පක්ෂයේ සමගිය සහ එක්සත් භාවය උල්ලංඝනය කරන අතර ඒ හරහා ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට දේශපාලන අවි ලබා දෙන බවට එල්ල වී තිබෙන චෝදනා මතය.