අග රදගුරුගෙයි-කරූගෙයි ජීවිත අනතුරේ..!

රාජිත සේනාරත්නගෙයි-ශානි අබේසේකරගෙයි ජීවිතවලටත් තර්ජන "lankaenews" හෙළිදරව්වක්..! ආරක්ෂක අංශ ස්ථාවරය පළ කරන්න "lankanewsweek" සූදානම් අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ සාධාරණ සමාජයක් සඳහා…
රාජිත සේනාරත්නගෙයි-ශානි අබේසේකරගෙයි ජීවිතවලටත් තර්ජන
"lankaenews" හෙළිදරව්වක්..!
ආරක්ෂක අංශ ස්ථාවරය පළ කරන්න "lankanewsweek" සූදානම්

අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවට සිය අභ්‍යන්තර තොරතුරු ඒකකය වෙත කරුණු වාර්තා වී ඇතැයි "lankaenews" වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
ඊට අමතරව විදේශගතව සිට ජනමාධ්‍යකරණයේ යෙදී සිටින කර්තෘවරයෙකුගේ ද, දොස්තර රාජිත සේනාරත්න සහ ශනි අබේසේකර යන මහත්වරුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් එල්ල වී තිබෙනවා බව පෙන්වා දෙන "lankaenews" වෙබ් අඩවිය කිලී මහාරාජාගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල වී තිබූ බව අනාවරණය කර සිටියි.
දැන්වීම
අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ඇතුළු මේ සියලු දෙනාගේ ජීවිතවලට තර්ජන එල්ල වී තිබෙන්නේ මරා ගෙන මැරෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහා මොළකරුවන්ගෙන් බව ද "lankaenews" වෙබ් අඩවිය වැඩි දුරටත් පෙන්වා දෙයි.
"lankaenews" වෙබ් අඩවියේ පළ වූ පුවත උපුටා දක්වමින් මෙම වාර්තාකරණය සිදු කළා වගේම මේ සම්බන්ධයෙන් රටේ ආරක්ෂක අංශ දරන ස්ථාවරය ද පාඨකයින්ගේ දැන ගැනීම පිණිස වාර්තා කිරීමට "lankanesweek" අන්තර් ජාල වෙබ් අඩවිය සූදානමින් සිටින බව ද කියා සිටින්නෙමු.
