අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මහජන පෙරමුණත් රනිල්ට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන…
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා එක්සත් පෙරමුණේ උප සභාපතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1