අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගය භාර දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසුරිය මහතා වෙත භාර දුන්නේය. ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් සහ ශ්‍රී ලංකා…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය මීට සුළු මොහොතකට පෙර කතානායක කරු ජයසුරිය මහතා වෙත භාර දුන්නේය.
ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනකු අත්සන් කර ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු අත්සන් කර නොමැත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයා වෙත මේ විශ්වාස භංග යෝජනාව භාර දුන් අතර අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීය.මේ විශ්වාස භංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැනට අත්සන් කර තිබෙන්නේ ටී බී ඒකනායක, සුසන්ත පුංචිනිලමේ, නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තානා යන මන්ත්‍රීවරු වෙති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1