අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අග්‍රාමාත්‍යවරයකු ප්‍රධාන ආණ්ඩුවක් නොමැති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත් වේ..!

රනිල් බහුතරය පෙන්වයි-මහින්ද ඉල්ලා අස්වෙයි-මෛත්‍රීට දෝෂාභියෝගයක්..?

කතානායක ප්‍රකාශයෙන් ඒ බව පැහැදිළි වේ..! පාර්ලිමේන්තුව අයාලේ යයි..! ජනපතිගේ රැස්වීම එජාපය ඇතුළු පක්ෂ වර්ජනය කරයි..! පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතානායක අඛණ්ඩ සටනක..! (සුජිත් මංගල ද සිල්වා)…

කතානායක ප්‍රකාශයෙන් ඒ බව පැහැදිළි වේ..!

පාර්ලිමේන්තුව අයාලේ යයි..!

ජනපතිගේ රැස්වීම එජාපය ඇතුළු පක්ෂ වර්ජනය කරයි..!

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතානායක අඛණ්ඩ සටනක..!

අග්‍රාමාත්‍යවරයකු ප්‍රධාන ආණ්ඩුවක් නොමැති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත් වේ..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රධාන ආණ්ඩුවක් නොමැති අයාලේ යන පාර්ලිමේන්තුවක් සහිත ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ තත්වය උද්ගතවී තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් සහය පළ කිරීමේ සිද්ධියට අදාළ සියලු තොරතුරු ඉදිරි ව්‍යවස්ථානුකූල පියවර ගැනීම සඳහා කතානායක කරු ජයසුරිය මහතා ඊයේ (14) ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙනි.

මේ අනුව පාර්ලිමේන්තුව අද (15) රැස් වූ අවස්ථාවේදී අගමැතිවරයෙක් හෝ සභානයකවරයෙකු ඇතුළු කැබිනට් මණ්ඩලයකින් යුතු ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ නොමැති අතර සියලු දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් බව  කතානායක කරු ජයසුරිය මහතා සිය බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවට ඍජුව දැනුම් දුන්නේය.

ඊට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය නොමැති නිසා ඊට අදාළව ඡන්ද විමසීමක් සිදු කරන්න ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානයකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සමගම පාර්ලිමේන්තු සභා ගර්භයේ විශාල ගැටුම්කාරී තත්වයක් ඇති වූ අතර බහුතරයේ විරෝධය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි අසීරු තත්වයකට පත් විය.

මේ ගැටුමේදී මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් තුවාල ලැබූ බව පාර්ලිමේන්තුවේ "lankanewsweek " වාර්තාකරුවෝ  පෙන්වා දුන්නහ.

ඊට පසුව කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නායක රැස්වීමක් පැවති අතර එම රැස්වීම ද ඉතා උණුසුම්කාරී තත්වයක් ගනු ලැබුවත් අවසානයේදී පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට රැස්වීමට සියලු දෙනා පොදුවේ එකඟ විය.

මේ උද්ගතවී තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ගැනීම සඳහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) උදැසන සියලුම දේශපාලන පක්ෂවල විශේෂ රැස්වීමක් කැඳවා තිබුණත් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණු කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂ එම රැස්වීම වර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් "lankanewsweek"දේශපාන විචාරකයින්ගෙන් කළ විමසීමේදී ඒ අය කියා සිටියේ මේ තත්වයෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය ද කඩ වී ඇති අතර මේ තත්වය ඔහුගේ  ඉදිරි දේශපාලන ගමනට අනතුරුදායක ලෙස බලපානු ඇති බවයි.

ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ ජනාධිපතිවරයා තමා විසින්ම  අටවා ගත් ඔහු ද හිර වී  ඒ උගුලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පටලවා ගෙන ඇති අතර උද්ගතවී තිබෙන තත්වය වඩාත්ම අනතුරුදායක,භයානක සහ අවාසිදායක ලෙස  බලපානු ඇත්තේ ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය කෙරහි බවය.

https://www.facebook.com/NewsfirstSL/videos/296372244348088/?t=0
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අග්‍රාමාත්‍යවරයකු ප්‍රධාන ආණ්ඩුවක් නොමැති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත් වේ..! | Lanka Newsweek