අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගවිනිසුරුගේ සමුගැනීමේ හමුව..!

අගවිනිසුරුගේ සමුගැනීමේ හමුව..!

සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත වත්මන් අගවිනිසුරු වන නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් අද(05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්වුණි. මෙම උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති අතර මෙම…

සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත වත්මන් අගවිනිසුරු වන නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් අද(05) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්වුණි.

මෙම උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති අතර මෙම හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලුම විනිසුරුවරු එක්ව සිටියහ.

වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

දැන්වීම

වත්මන් අගවිනිසුරුවරයාගේ සමුගැනීමේ උත්සවයේදී ඒ මහතාගේ සේවය අගය කරමින් නීතිපති ජයන්ත ජයසූරිය සහ  ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරු අදහස් දැක්වුහ.

එහිදී අදහස් දැක වූ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ අගවිනිසුරුවරයෙකු ගේ කාර්යභාරය ඉතා බරපතළ මෙන්ම සංකීර්ණ කාර්යක් වන බවත්, තමා  එම කාර්යය මැනවින් ඉටුකිරීමට සියලු උත්සාහ දැරූ බවත්  නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම නිල හමුව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගවිනිසුරුගේ සමුගැනීමේ හමුව..! | Lanka Newsweek