අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති සිංගප්පූරු යයි..!

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන අගමැතිට ඇමරිකාවෙන් ප්‍රසංසා

(සුජිත් මංගල ද සිල්වා) කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකාවේ…

(සුජිත් මංගල ද සිල්වා)

කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන  "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා හෙට (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

දැන්වීම

මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.

2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමග දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ නැංවීමට මෙම සමුළුව ඉවහල් වනු ඇත.

සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන් මහතා, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සමුළුවට එක්වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති සිංගප්පූරු යයි..! | Lanka Newsweek