අගමැති සහ ඉන්දීය විදේශ කටයුතු ලේකම් අතර සාකච්ඡාව

සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේ දී පැවැති මෙම හමුව…
සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (04) පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
අරලියගහ මන්දිරයේ දී පැවැති මෙම හමුව ආරම්භයේ දී ම ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික සුබ පැතුම් සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතාගේ සුබ පැතුම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුවේය.
දෙරට අතර ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය, බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කළ හැකි අංශ ගණනාවක් පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡාව විය.
දැන්වීම
බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම උදෙසා මෝදි අගමැතිතුමා ගත් පියවර මෙහි දී මම ඇගයීමට ලක් කළෙමි. එය අගමැති මෝදි මහතාගේ ප්‍රමුඛතම කාර්යක් වූ බවට ෂ්‍රිංග්ලා මහතා විශ්වාසය පළ කළේය.
ඉන්දු- ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය වසරේ පැවැති මාර්ගගත ද්වි-පාර්ශ්වික සමුළුව අවසානයේ දී රටවල් දෙකෙහි ජනතාව අතර පවතින ගැඹුරු සබඳතාව ශක්තිමත් කිරීම උදෙසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ප්‍රකාශයට පත් කළේය.
මෙහි දී අදහස් පළ කළ ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම, ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව ද සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ද්විපාර්ශවික සමුළුවේ දී ද මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු වූ අතර රටවල් දෙකෙහිම එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිසා නැවත සබඳතා ආරම්භ කිරීමේ වැදගත්කම ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කළේ ය.
කොවිඩ් වසංගතයට පෙර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සමස්ත සංචාරකයින්ගෙන් සියයට 18 ඉක්ම වූ අතර එය ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ප්‍රභවයකි.