අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති සහයිකාව සිය සුඛ විහරණයට අරලිය මදුරේම මන්දිරයක් හදා ගෙන..!

එජාපයේ සිව් පුද්ගල කල්ලියට හතර වටෙන්ම වදියි

සැන්ද්‍රා පෙරේරාගේ “APARTMENT” එකට කුලී ගෙවන කුප්‍රකට ව්‍යාපාරිකයා කවුද..? රු.53,000 වැටුපෙන් කෝටි හතරක වාහනයක් මිලදී ගත්තේ කෙසේද..? අගමැති සහයිකාවගේ කුමරි ජීවිතයේ තවත් රහස් එළියට..! (උපුල් බණ්ඩාර)…

සැන්ද්‍රා පෙරේරාගේ “APARTMENT” එකට කුලී ගෙවන කුප්‍රකට ව්‍යාපාරිකයා කවුද..?

රු.53,000 වැටුපෙන් කෝටි හතරක වාහනයක් මිලදී ගත්තේ කෙසේද..?

අගමැති සහයිකාවගේ කුමරි ජීවිතයේ තවත් රහස් එළියට..!

  අගමැති සහයිකාව සිය සුඛ විහරණයට අරලිය මදුරේම මන්දිරයක් හදා ගෙන..!

(උපුල් බණ්ඩාර)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා මහත්මිය රජයේ මුදල් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර තමාට විවේකීව සිටීම සඳහා වායු සමනය කළ අති සුඛෝපභෝගී කුඩා මන්දිරයක් අරලිය මැදුරේම ඉදි කර ගෙන තිබේ.

අරලිය මැදුරේ සිය සුවිසල් කාර්යාලයට ඈඳා ඉදි කර ගෙන තිබෙන මේ වායු සමනය කළ අති සුඛෝපභෝගී කුඩා BED ROOM එකකින්ද,LIVING AREA සහ DINING AREA එකකින්ද PANTRY එකකින්ද ඇතුළු සියලු පහසුකම්වලින් යුතු වේ.

මේ අතර සැන්ද්‍රා පෙරේරා මහත්මිය පදිංචිව සිටින්නේ අරලිය ගහ මන්දිරයට යාබදව පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා අති සුඛෝපභෝගී මහල් නිවසක (APARTMENT) බව මේ වන විට හෙළිවී තිබේ.

ඇය මේ නිවස මිලදී ගත්තා නම් ඒ සඳහා මුදල් සොයා ගත්තේ කෙසේද සහ කුලියට සිටිනවා නම් රුපියල් ලක්ෂ ගණනක් වන එම මාසික කුලිය ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශාල ප්‍රශ්නයක් වී ඇතැයි අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

එමෙන්ම සැන්ද්‍රා පෙරේරා මහත්මිය සිය වැඩුමහල් සොහොයුරාගේ නමට රුපියල් කෝටි 4ක්  වටිනා “Jeep” වර්ගයේ අති සුඛෝපභෝගී ඇමරිකානු “ජීප්” රථයක් මිලදී ගෙන තිබෙන අතර ඔහුගේ නමටම මහනුවර නගරයේ අති සුඛෝපභෝගී මන්දිරයක් ද ඉදිකරමින් සිටියි.

මේ වහනය ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී එකට දෙකක් බදු අය කරන අතර ඒ නිසාම මේ වහනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අංශ නිලධාරීන් සහ ධන කුවේරයන් පමණකි.

2015 ජනවාරි 8 වැනිදාට පෙර සැන්ද්‍රා පෙරේරා මහත්මියට පෞද්ගලික වාහනයක් නොතිබූ අතර ඇය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ඔහුගේ රාජකාරි සඳහා කාර්යාලයට උදේට පැමිණියේ සහ සවසට නිවසට ගියේ විපක්ෂ නායක කාර්යාලය සතු “Toyota” “TownAce” වර්ගයේ රතු පැහැති අබලන් වෑන් රථයෙනි. එවකට ඇයගේ වැඩුමහල් සොහොයුරාට තිබුණේ ද “Toyota” “TownAce” වර්ගයේ සුදු පැහැති අබලන් වෑන් රථයකි.

අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකාව ලෙස සැන්ද්‍රා පෙරේරා මහත්මියගේ මූලික මාසික වැටුප රුපියල් 53,000ක් පමණක් වන අතර  මාසික ඉන්ධන දීමනාව රුපියල් 22,000ක් පමණ වේ. සියලු දීමනා එක්ක ඇය මසකට රුපියල් ලක්ෂයක වැටුපක් ගන්නා බවට ද එම මුදල ඇය නොකා නොබී ඉතිරි කළ බවට ද උපකල්පනය කළත් මේ මොහොත වන විට ඇය සතුව තිබිය හැක්කේ රුපියල් ලක්ෂ 41ක් පමණක් බව පෙන්වා දුන් අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා එම මුදලින් ඇයට මේ තරම් අති සුඛෝපභෝගී කුමරි ජීවිතයක් ගත කළ හැකි දැයි ප්‍රශ්න කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අගමැති සහයිකාව සිය සුඛ විහරණයට අරලිය මදුරේම මන්දිරයක් හදා ගෙන..! | Lanka Newsweek