අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!

අගමැති සමන් අතාවුදගේ තටු කපයි..!

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..! මාධ්‍ය මෙහෙයුම් බලය හරීන් ප්‍රනාන්දුට..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්‍ය මෙහෙයුම්…

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ධූරයට පමණක් සීමා කෙරේ..!

මාධ්‍ය මෙහෙයුම් බලය හරීන් ප්‍රනාන්දුට..?

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා සතු සියලුම මාධ්‍ය මෙහෙයුම් බලතල, එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පිහුටුවීමට යන මාධ්‍ය සහ සන්නිවේදන අංශයේ ලේකම්වරයා වෙත පැවරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා ලෙස සමන් අතාවුදහෙට්ටි මහතා ඉදිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු වැඩ කටයුතු සහ රාජකාරිවලට පමණක් සීමා කර පාර්ලිමේන්තුවේ ස්ථාන ගත කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ පියවර ගැනීමට යන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු මගින් කර ඇති නිර්දේශ සහ සමන් අතාවුදහෙට්ටි මහතා මාධ්‍ය මෙහෙය වන ආකාරයත්,ඔහුගේ ක්‍රියාකලාපය වගේම දේශපාලන භාවිතයත් පිළිබඳව කාලයක් මුළුල්ලේ සිදු කෙරෙන පැමිණිලි මතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ අවශ්‍ය නම් සිය කැමැත්ත පරිදි තීරණයක් ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අනිද්දාම සමන් අතාවුදහෙට්ටි මහතාට දනුම් දීමට ඉඩ තිබෙන බවය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පිහුටුවීමට යන සන්නිවේදන සහ මාධ්‍ය අංශයේ ලේකම් ධූරයට විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැති සමන් අතාවුදගේ තටු කපයි..! | Lanka Newsweek