අගමැති වෙනුවෙන් පෙනී සිටීම විද්වතුන් රැසක් ප්‍රතික්ෂේප කරති..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..! එජාපය චින්තන දරිද්‍රතාවයක..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්‍යාල උගතුන් ඇතුළු…
විද්වතුන් හොයා ගන්න බැරිව ස්වාධීනයේ “තීරණය” අවලංගු කරලා..!
එජාපය චින්තන දරිද්‍රතාවයක..!
(සුජිත් මංගල ද සිල්වා)
යහ පාලනය ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්‍යාල උගතුන් ඇතුළු විද්වතුන් රැසක් ආණ්ඩුවේ වැඩ පිළිවෙළ,මතවාදය සහ දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් ජන මාධ්‍ය සහ ජන සමාජය ඉදිරියේ තව දුරටත් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
ඊට හේතු වී ඇත්තේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර,සාකච්ඡා මාර්ගයෙන් සාමූහික තීන්දු තීරණවලට පැමිණ ඒ තීන්දු තීරණ වගේම ඊට අදාළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම් බුද්ධිමත්,දක්ෂ,දැක්මක් සහිත සහ දේශපාලනය ගැන දන්නා සුදුස්සන්ට නොපවරා, සිහින ලෝකවල ජීවත් වන පෞද්ගලිකව තමාට අතිශය සමීප තෝරා ගත් සුළු පිරිසක් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අභිමතය පරිදි රාජ්‍ය පාලනය ගෙන යාම සහ මිනිස්සුන්ට නොසැලකීම ඇතුළු කරුණු කාරණා මත ඇති වී තිබෙන කලකිරීමය.
උද්ගත වී තිබෙන මේ තත්ත්වයට තිබෙන ආසන්නතම හොඳම උදාහරණය වන්නේ ආණ්ඩුව වෙනුවෙන් කතා කිරීමට විද්වතුන් සිව් දෙනකු සොයා ගැනීමට නොහැකිව සැප්තැම්බර් (26) බදාදා රාත්‍රී 10.30 ට විකාශය වීමට නියමිතව තිබූ ස්වාධීන රුපවාහිනී සේවයේ “තීරණය” සංවාදාත්මක වැඩ සටහන අවලංගු කිරීමට එම ආයතනයේ බලධාරීන්ට සිදු වීමය.
එම තත්ත්වයට හේතු වී තිබෙන්නේ එම වැඩ සටහනට එක් වන ලෙසට ස්වාධීන රුපවාහිනී සේවයෙන් කළ ආරාධනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් බහුතරය ප්‍රතික්ෂේප කිරීමය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයේ මහාචාර්ය සිරිමල් අබේරත්න,ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේ ආචාර්ය ටෙරන්ස් පුරසිංහ,වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාලා පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර,කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා,කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ප්‍රදීප් රන්දිවෙල,විශ්‍රාමික මහාචාර්ය අමරසිරි සොයිසා,රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මහින්ද සෝමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සිටිති.
මේ අතර සම්මුතිවාදී යහ පාලන ජාතික රජයේ,විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මතවාදීව සහය ලබාදෙමින් නිතරම පෙරමුණේ සිටි මහාචාර්ය සිරිමල් අබේරත්න,මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන,ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා,ආචාර්ය ටෙරන්ස් පුරසිංහ,මහාචාර්ය මිල්ටන් රාජරත්න සහ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්ව විද්‍යාල විද්වතුන් මේ වන විට ජන මාධ්‍ය ඔස්සේ දකින්න වත් නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මේ අතර ජාතික රුපවාහිනියේ අධ්‍යක්ෂක ජනරාල් ධූරය දැරූ මහාචාර්ය සුනිල් සාන්ත,ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරය දරු මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ කොළඹ වරායේ උප සභාපති ධූරය දරු මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යන මහත්වරු මේ වන විට එම තනතුරු අත හැර හෝ එම ධූරවලින් පහ කරන ලදුව යළිත් සිය විශ්ව විද්‍යාලවලටම ගොස් සිටිති.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සිය වැඩ පිළිවෙළ,අනාගත සැලසුම්,ඉලක්ක සහ ක්‍රියා මාර්ග පිළබඳව තාර්කිකව රට ජනතාව හමුවේ කරුණු පැහැදිළි කරමින් දැනුම්වත් අවශ්‍ය විද්වතුන්ගේ සහය නොමැතිව එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් දැඩි අසීරු තාවයකට මුහුණ දී සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
