අගමැති මහින්ද පොහොට්ටුවෙන් මහ මැතිවරණයට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බැසිල් රාජපක්ෂ හදිසි මහ මැතිවරණයක් වෙනුවෙන් නාම යෝජනා සකසයි..! “අතයි”-“පොහොට්ටුවයි” එකට යා යුතු බව විමල් වීරවංශ කියයි..! (සුජිත් මංගල ද සිල්වා) හදිසි මහ මැතිවරණයක් සඳහා නාම යෝජනා සකස් කිරීමේ කටයුතු…
බැසිල් රාජපක්ෂ හදිසි මහ මැතිවරණයක් වෙනුවෙන් නාම යෝජනා සකසයි..!
“අතයි”-“පොහොට්ටුවයි” එකට යා යුතු බව විමල් වීරවංශ කියයි..!
(සුජිත් මංගල ද සිල්වා)
හදිසි මහ මැතිවරණයක් සඳහා නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මර්තු බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ප්‍රබල ක්‍රියාකාරීන් කොළඹ බත්තරමුල්ලේ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට අඟහරුවාදා (20) කැඳවා එම මූලික කටයුතු ආරම්භ කර ඇත.
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමා යෝජනා ලබාදීමේදී පළාත් පාලන මැතිවරණයයේදී ඇප කැප වී ක්‍රියා කරමින් ඉහළ ජයග්‍රහණයක් අත්පත් කර ගත් ප්‍රාදේශීය දේශපාලන නායකයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ.
කෙසේ නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමක ස්ථාවරය වී තිබෙන්නේ, හදිසි මහ මැතිවරණයක් පැවැත් වුනොත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන එක්සත් ජනත නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකට එක්ව තරඟ කළ යුතු බවය.
සිය ස්ථාවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙමින් විමල් වීරවංශ මහතා කියා තිබෙන්නේ එසේ නොවුණ හොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවය.
මහ මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ මත දෙකක් ඇති වී තිබෙන නමුත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන පාර්ශවයේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ස්වාධීනව තරඟ කළ යුතු බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළ විගස ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නිල වශයෙන් ලබා ගනිමින් සිය පුත් නාමල් රාජපක්ෂ මහතාට ද එම පෙරමුණේ නිල සාමාජිකත්වය ලබා දුන්නේ මේ සැලසුම් සහ ගත දේශපාලන පසු බිම මතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1