අගමැතිවරයා ස්වේඡාවෙන්ම බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම රටටම ආදර්ශයක්

(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවෙ සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වේඡාවෙන්ම ඉදරිපත්වීම මුළු රටටම විශාල ආදර්ශයක්…
(සුජිත් මංගල ද සිල්වා)
මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවෙ සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්වේඡාවෙන්ම ඉදරිපත්වීම මුළු රටටම විශාල ආදර්ශයක් යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව අවධරණය කළේ ජනාධිපති බැඳුම්කර කොම්මිසමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීම අගය කරන බව කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව නොමග යැවීමට උත්සහ කළ අවස්ථාවේදීය .
දැන්වීම
ඒ අවස්ථාවේදී වහාම නැගී සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති බැදුම්කර කොමිසමෙන් කිසිදු කැඳවීමක් කර නොමැති අතර අගමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීමට එම කොමිසම හමුවේ පෙනී සිටින්නේ ස්වේඡාවෙන් බවය.
එම නිසා පටු දේශපාලන අරමුණු ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාට අභූත චෝදනා එල්ල කරන්න එපා යැයි තරයේ කියා සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒකාධිපති පාලන සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තබා ඔහුගේ අමතිවරුන්වත් මේ වගේ ජනාධිපති කොමිසන් හමුවේ පෙනී සිටියේදැයි ද ප්‍රශ්න කළේය.
ඒ කාලයේ මැති අමතිවරුන්ව කොමිසන් සභා මගින් කදෙව්වාම ඒ අය කළේ තමාට නයා ගැසුවා යැයි කියා එම කොමිසන් මඟ හැරීම යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කැඳවීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීම ඉතා ආදර්ශවත් වූ ඓතිහාසික අවස්ථාවක් බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරත් අවධාරණය කළේය.