අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිට සුදත් අහිමි වුණේ “කබීර්-මලික්” නිසා..!

කබීර්ගේ-මලික්ගේ-සාගලගේ ඇමතිකම් ගැන ප්‍රශ්නයක්..?

(සුමුදු පෙරේරා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී…

අගමැතිට සුදත් අහිමි වුණේ “කබීර්-මලික්” නිසා..!

 (සුමුදු පෙරේරා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහයක සහ එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සහ සභාපති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ අත්තනෝමතික සහ පක්ෂයට ද්‍රෝහී ක්‍රියා පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පක්ෂයේ සන්නිවේදන බළකාය වඩාත් ශක්තිමත් කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත්,යහ පාලන රජයේත්,පක්ෂයේත් දේශපාලන පණිවුඩය රට ජනතාවට ගෙන යාම සඳහා සුදත් චන්ද්‍රසේකර මහතා ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම සහ මහා ලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් කඩාකප්පල් කළ බව සිරිකොත මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

දැන්වීම

මේ හේතුවේන් පුරා අවුරුදු තුනක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වැඩක් නොකෙරුණු අතර රට පුරා ව්‍යාප්තව පැවති සන්නිවේදන බළකාය මුළුමනින්ම අකර්මන්‍ය වූ බව ද මේ තත්ත්වය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි විශාල වශයෙන් බල පෑ බව ද සිරිකොත මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග හෙළි කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයාගේ සහ සභාපතිවරයාගේ මේ අත්තොනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සුදත් චන්ද්‍රසේකර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවස්තා ගණනාවකදීම කරුණු ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් කබීර් හෂීම් සහ  මලික් සමරවික්‍රම යන මහත්වරුන් සාගල රත්නායක මහතා ද සමග එකතු වී සුදත් චන්ද්‍රසේකර මහතාට එරෙහිව සංවිධානාත්මක ලෙස ක්‍රියා කරමින් ඔහු සහ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොමඟ යවා තිබේ.

පුරා අවුරුදු තිස් තුනක් මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කළ සේවයත්,උද්ගත වී තිබූ අවාසිදායක දේශපාලන තත්ත්වයෙන් පක්ෂයත් නායකයාත් යළි  ගොඩගැනීම සඳහා කළ සැලසුම් සියල්ලට පක්ෂයේ මහා ලේකම්වරයා සහ සභාපතිවරයා අකුල් හෙළීමත්, ඒ සම්බන්ධයෙන් අගමැත රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීමත් හේතුවෙන් අවසාන කාලයේදී සුදත් චන්ද්‍රසේකර මහතා අතිශයින් කලකිරී සිටි බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩි දුරටත් හෙළි කර සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිට සුදත් අහිමි වුණේ “කබීර්-මලික්” නිසා..! | Lanka Newsweek