අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිට පිල්ලි යවලා..!

අගමැතිට පිල්ලි යවලා..!

දේශපාලන අර්බුද අස්සේ-හදි හූනියම් වැඩ ඇරඹේ (හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ ශ්‍රී සත්‍ය සායි ආශ්‍රමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී සත්‍ය සායි බාබාගේ ප්‍රබලතම අනුගාමිකයකු වූ සුප්‍රසිද්ධ හින්දු පූජකයකු…

දේශපාලන අර්බුද අස්සේ-හදි හූනියම් වැඩ ඇරඹේ

(හේමන්ත තුසිත කුමාර)

ඉන්දියාවේ ශ්‍රී සත්‍ය සායි ආශ්‍රමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී සත්‍ය  සායි බාබාගේ ප්‍රබලතම අනුගාමිකයකු වූ සුප්‍රසිද්ධ හින්දු පූජකයකු පසුගිය සඳුදා (08) දහවල් රටේ ප්‍රබල දේශපාලන නායකයකුගේ නිවසේදී ඔහු වෙනුවෙන් විශේෂ පූජාවක් සහ ශාන්ති කර්මයක් ඇතුළු වත් පිළිවෙත් රැසක් සිදු කර තිබේ.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු විය හැකි බල පෙරළියෙදී අදාළ දේශපාලන නායකයාගේ බලය තහවුරු වී පාර්ලිමේන්තුවේ බහුතරයේ  සහයෝගය ලැබී අගමැති ධූරයට පත් වේවා යන ප්‍රාර්ථනය ඇතිව මේ විශේෂ පූජාව සහ ශාන්ති කර්මය ඇතුළු වත් පිළිවෙත් සිදු කර තිබේ.

දැන්වීම

මේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ  යටතේ  බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනාධිපතිවරයාට ඉතාම සමීප ප්‍රබල ඇමැතිවරයකු ද සහභාගී වී ඇත.

මෙහිදී අදාළ හින්දු පූජකවරයා අතිප්‍රබල හින්දු මන්ත්‍ර සහ ස්තෝත්‍ර කියමින් මැණික් ගල් කිහිපයක් ජීවම් කර අදාළ දේශපාලන නායකයට සහ ප්‍රබල ඇමතිවරයාට ලබා දී විශේෂ මැණික් ප්‍රතිකාරයක් කර ඇත.

මේ පුද පුජා,ශාන්ති කර්ම සහ මැණික් ප්‍රතිකාර  ඇතුළු වත් පිළිවෙත් අවසන් කිරීමෙන් පසුව  අදාළ හින්දු පුජකවරයා එදිනම යළි ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිට පිල්ලි යවලා..! | Lanka Newsweek