අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!

අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!

යළි දිවයිනට එන්න අගමැතිගෙන් ලක්ෂ හතරක් ඉල්ලලා..! සමන් අතාවුදගේ ඉල්ලීම අගමැති ප්‍රතික්ෂේප කරයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උග්‍ර…

යළි දිවයිනට එන්න අගමැතිගෙන් ලක්ෂ හතරක් ඉල්ලලා..!

සමන් අතාවුදගේ  ඉල්ලීම අගමැති ප්‍රතික්ෂේප කරයි..!

අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!

(සුජිත් මංගල ද සිල්වා)

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උග්‍ර දේශපාලන අර්බුදයක පැටලී සිටිද්දී  හිටපු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතා දින දොළහක පෞද්ගලික  සවාරියක් සඳහා ජපානයට ගොස් සිටියි.

රටේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදයට අදාලව එක්සත් ජාතික පක්ෂයේ නිල ස්ථාවරය විමසීම සඳහා "lankanewsweek" කණ්ඩායම Whatsapp සහ viber ඔස්සේ ඔහු සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සහ කළත් සමන් අතාවුද මහතා කිසිදු ප්‍රතිචාරයක් නොදැක් විය.

මේ අතර සිය දින 12 පෞද්ගලික සවාරිය අවසන් කර කල් ඇතිව ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත මිලදී ගැනීමට ලක්ෂ හතරක්   අමතරව ගෙවීමට සිදුවන බැවින් එම මුදල අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලබා දෙන ලෙසට සමන් අතාවුද මහතා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.

සමන් ඒකනායක මහතා ඒ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන අවස්ථාවේදී ඔහු කියා තිබෙන්නේ දේශපාලන ආර්බුදයක් පවතිද්දී ජපානයේ පෞද්ගලික සවාරි ගියානම් යළි පැමිණීමට අමතරව වැය වන රුපියල් ලක්ෂ හතරක වියදම ඔහුටම දරාගන්නා ලෙසට තමා දැනුම් දුන් බව සමන් අතාවුදහෙට්ටි මහතාට කියන ලෙසය.

අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිට කෙළ වෙද්දී සමන් අතාවුද ජපානයේ සැප ගනී..! | Lanka Newsweek