අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“අගමැතිට එරෙහි විශ්වාස භංගය ජනපතිට දෝෂාභියෝගයක්”

එක්සත් වාමාංශිකයින් බුලත් කොළයෙන් සටනට

විශ්වාස භංගය “ජනපති-අගමැති” අවබෝධය කණගාටුදායකයි..! පක්ෂව ඡන්දය දෙනවා නම් ඊට පෙර ඉල්ලා අස්විය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංග යෝජනාව කියන කරණයට මුවාවී ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

විශ්වාස භංගය “ජනපති-අගමැති” අවබෝධය කණගාටුදායකයි..!

පක්ෂව ඡන්දය දෙනවා නම් ඊට පෙර ඉල්ලා අස්විය යුතුයි

“අගමැතිට එරෙහි විශ්වාස භංගය ජනපතිට දෝෂාභියෝගයක්”

(සුජිත් මංගල ද සිල්වා)

විශ්වාස භංග යෝජනාව කියන කරණයට මුවාවී ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද සහ  අධි නීතීඥ ලාල් විජේනායක මහතා පෙන්වා දෙයි.

විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් වැඩි දුරටත් කරුණු පැහැදිළි කළ ලාල් විජේනායක මහතා මෙසේ ද කීය.

මේ රටේ තවමත් පවතින්නේ විධායක ජනාධිපති කේන්ද්‍ර කර ගත් ආණ්ඩු ක්‍රමයක් වන අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූයේ එම විධායක ජනාධිපති ධූරයේ බලතල යම් ප්‍රමාණයකට අඩු වීම විනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවීම නොවෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යයේත්,ආණ්ඩුවේත්,කැබිනට් මණ්ඩලයේත් තවමත් ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා වන අතර ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අණ දෙන නිලධාරියා වන්නේ ද ජනාධිපතිවරයායි.

ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ක්‍රියා කරන පසුබිමක දී අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් එමගින් ගම්‍ය වන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.සරලවම යලිත් කියනවා නම් ඊට හේතුව අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ද  ආණ්ඩුවේ ද ප්‍රධානියා ජනාධිපතිවරයා වීමයි.

මේ විශ්වාස භංගය ඉදිරිපත් කර තිබෙන්නේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉලක්ක කර ගෙන වන අතර මේ විශ්වාස භංගය අගමැති ඇතුළු ආණ්ඩුවට එරෙහි යෝජනාවක් නොව, එම  නමට මුවා වී සැලසුම් සහගතව  ජනාධිපතිට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් බව අප තරයේ කියා සිටින්නේ ඒ නිසයි.

මේ ගැන නිවැරදි  අවබෝධයක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට තිබෙනවා ද යන ප්‍රශ්නය මතු වන්නේ ඒ අයගේ භාහිර හෝ වේවා අභ්‍යන්තරික හෝ වේවා  දේශපාලන විරුද්ධවාදීන්ගේ විශ්වාස භංගය කියන  මේ දේශපාලන උගුලට හසු වී ඒ දෙදෙනා සිය බලය උරගා බැලීමට උත්සහ කරන තත්ත්වය හමුවෙයි.

ඇත්ත වශයෙන්ම මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිවකුට හැකියාවක් සහ අයිතියක් ඇත්තේ නැහැ.යමෙකු මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරනවා කියන්නේ අගමැතිවරයාට සහ ආණ්ඩුවට පමණක් නොව ජනාධිපතිවරයාට ද විරුද්ධ වීමක් බව කිව යුතුයි.

කෙසේ නමුත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන,එස් බී දිසානායක,සුසිල් ප්‍රේමජයන්ත,දයාසිරි ජයසේකර සහ ඩිලාන් පෙරේරා යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව ප්‍රසිද්ධියේ කියමින් සිටිනවා.

ඇත්ත වශයෙන්ම මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතු බවට ඒ අය කරන තර්කය දේශපාලන සදාචාරයට,විනය නීතියට,කැබිනට් සාමූහිකත්වයට වගේම ව්‍යවස්ථාවට ද විරුද්ධ වන අතර ඒ අය එසේ ක්‍රියා කරන්නේ දේශපාලනය ගැන නොදන්නා නිසාම නොව, මේ විශ්වාස භංගය දේශපාලන බල ක්‍රීඩාවක් ලෙස ඒ අය පාවිච්චි කරන නිසයි.

දේශපාලන ප්‍රතිපත්තිමය කරණා මත විශ්වාස භංග යෝජනාවට විරුද්ධ වනවා නම් ඒ අය මුලින්ම කළ යුත්තේ සිය ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමයි.කැබිනට් අමාත්‍ය ධූර දරමින්ම අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව කතා කිරීම සහ ක්‍රියා කිරීමේ හේතුන් මත ඒ අය අදාළ තනතුරුවලින් පහ කරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම්දීමට අගමැතිවරයාට ව්‍යවස්ථානුකුල බලයක් තිබෙන අතර එවැනි දැනුම්දීමක් අගමැතිවරයා කළොත් අදාළ ඇමතිවරුන් තනතුරුවලින් පහ කිරීමට ජනාධිපතිවරයා ද ව්‍යවස්ථානුකුලව බැදී සිටිනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න