අගමැතිට එරෙහිව එජාපයෙන්ම විශ්වාස භංගයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පසු පෙළ මන්ත්‍රීන් 15ක් ස්වාධීන වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ…
පසු පෙළ මන්ත්‍රීන් 15ක් ස්වාධීන වෙති..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කර සිටිති.
ඒ අනුව මේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව යළි පැවැත්වෙන මේ මස අනිද්දා (5) හෝ මේ මස දොළොස් වෙනිදා සිට මෙසේ පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කරනු ඇතැයි දැන ගන්නට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවකගේ ද ආශීර්වාදය ඇතිව මේ පසු පෙළ මන්ත්‍රීවරුන් මෙසේ ස්වාධීන වීමට තීරණය කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ ආකාරයට පක්ෂයේ නායකයාගේ සිට පහළට සියලු තනතුරු සඳහා ඡන්දයකින් පුද්ගලයින් තෝරා පත් කර ගනිමින් පුළුල් සහ පාක්ෂිකයින් ඉල්ලා සිටින ප්‍රතිසංවිධානයක් ඇති නොකිරීම, ඔහු 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට උත්සහ දැරීම වගේම මලික් සමරවික්‍රම මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිවය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ විරෝධය නොතකා ක්‍රියා කළ හොත් දෙවැනි පියවර ලෙස යහ පාලන ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ අසුන් ගැනීමට කටයුතු කරන බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂයේ එම පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම ඔහු ඊටත් අවනත නොවුණ හොත් අවසන් පියවර ලෙස ඔහුට එරෙහිව යළිත් එක්සත් ජාතික පක්ෂයෙන්ම විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව “Lankanewsweek” සමග හෙළි කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන්ම ඉදිරිපත් කෙරෙන මේ විශ්වාස භංග යෝජනාව මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි එම පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමේ ජේෂ්ඨ නියමුවෙක් “Lankanewsweek” සමඟ පැවසිය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි එම විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රීලංකා නිදහස් පක්ෂයේද එම පක්ෂයේ “16 -කණ්ඩායමේ” ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද සහයෝගය ලබාගැනීමට විවිධ මට්ටමෙන් සාකච්චා කරමින් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1