අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්

(සුජිත් මංගල ද සිල්වා) ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වන දා) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.…

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ  (22 වන දා) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් නවදිල්ලි නුවරට ළඟා විය.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා (Mr. Sanjay Verma) සහ නියෝජ්‍ය සන්ධාන නිලධාරී අභිෂේක් ශුක්ලා (Mr. Abhishek Shukla) යන මහත්වරුන් විසිනි.

දැන්වීම

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වගීෂ්වර මහත්මිය  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (Mr. Taranjit Singh Sandhu) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ රිය පෙරහැරකින් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, තාජ් පැලස් කළමනාකාරීත්වය, ෂෙනාල්‍යා ෆොන්සේකා දියණිය සහ කවිඳු රණවක පුතණුවන් විසින් පිළිගන්නා ලදී.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයින් සමග සාකච්ඡාවනට එක් වන වික්‍රමසිංහ මහතා අද  (23 වන දා) නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක් | Lanka Newsweek