අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිගේ ජන්ම ගති නිසා එජාපෙ යළි දෙදරයි..!

එජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..!

“UNP HAPPY FAMILY”යට එරහි නොනවතින සටන ඇරඹේ..! මන්ත්‍රීන් 8ක් ස්වාධීන වෙති..! (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය බලය තහවුරු කර ගැනීමෙන් පසුව සුපුරුදු පරිදි සියලු දෙනා අමතක…

“UNP HAPPY FAMILY”යට එරහි නොනවතින සටන ඇරඹේ..!

මන්ත්‍රීන් 8ක් ස්වාධීන වෙති..!

අගමැතිගේ ජන්ම ගති නිසා එජාපෙ යළි දෙදරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය බලය තහවුරු කර ගැනීමෙන් පසුව සුපුරුදු පරිදි සියලු දෙනා අමතක කර ජනතා සිතුම් පැතුම්,හද ගැස්ම,අවශ්‍යතා සහ ප්‍රශ්න නොහඳුනන ඉංග්‍රීසියෙන් කතා කරන ජන පදනමක් නොමැති හම සුදු “රාජකීය ටයි-කෝට් කල්ලිය” එක්ක ගෙන යන ක්‍රියාදාමයට එරෙහිව පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු තීරණය කර තිබේ.

මේ දැඩි තීරණය ගෙන සිටින එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් වන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්,බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි,කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන,පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න සහ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේමන්ත සිසිර කුමාර යන මහත්ම මහත්මීන්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෘහ මූලිකත්වයෙන් යුතු සුප්‍රසිද්ධ “UNP HAPPY FAMILY”යට අයත් වන මන්ත්‍රීවරුන්ගේ සහ එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ගේ අත්තනෝමතික,අවස්ථාවාදී,මාන්නක්කාර,දුෂිත සහ ජනතා විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව ගත් මේ තීරණය පක්ෂය උඩු යටිකුරු කර පොදු ජනතාවගේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරන තුරු යළි ආපස්සට නොගැනීමට ද එම මන්ත්‍රීවරු තීරණය කර සිටිති.

මේ කණ්ඩායමට සහය පළ කරමින් මේ සටන ඉදරියට ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහ තරුණ නායකයින් ඇතුළු තවත් විශාල මන්ත්‍රීන් සංඛ්‍යාවක් පෙළ ගැසී සිටිති.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” සමග අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙසේ පැවසීය.

“අපේ පාක්ෂිකයින් සියලු දර දිය ඇද විශාල අරගලයක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළි පිහිටුවා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය දිනා දී බලය තහවුරු කළා.

එහෙත් එක්සත් ජාතික පක්ෂය යළි මෙහෙය වෙන්නේ අපට කිසිසේත් අනුමත කළ නොහැකි ඒ සුපුරුදු ආකාරයටමයි.මලික් සමරවික්‍රම,සාගල රත්නායක සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය අපට අනුමත කරන්න බැහැ.

මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යංශයට අප වතාවක් දෙවතාවක් ගිය අවස්ථාව්දී යළි යළිත් වාදනය වෙමින් පවතින්නේ පරණ තැටියම බව අපට තේරුම් ගියා. මේ ඇමතිවරුන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාපය ගැන අපට සෑහීමකට පත් වෙන්න බැහැ.මේ අය සුරංගනා ලෝකවලින් දැන්වත් බිමට බැස රටේ අහිංසක මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් වන ආකාරයට ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතුයි.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අගමැතිගේ ජන්ම ගති නිසා එජාපෙ යළි දෙදරයි..! | Lanka Newsweek