අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිගේ ජනපතිවරණ මෙහෙයුමේ නියමුවන් ලෙස “තිස්ස-සුදත්” පත් කෙරේ..!

අගමැතිගේ ජනපතිවරණ මෙහෙයුමේ නියමුවන් ලෙස “තිස්ස-සුදත්” පත් කෙරේ..!

දිනේෂ් දොඩංගොඩත් යළි එජාපයට..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ බලය සහ වගකීම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සහ…

දිනේෂ් දොඩංගොඩත් යළි එජාපයට..?

අගමැතිගේ ජනපතිවරණ මෙහෙයුමේ නියමුවන් ලෙස “තිස්ස-සුදත්” පත් කෙරේ..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ බලය සහ වගකීම එක්සත් ජාතික පක්ෂයේ හිටපු  මහ ලේකම් තිස්ස අත්තනායක සහ අග්‍රාමාත්‍ය හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් වෙත පැවරීම කෙරෙහි එක්සත් ජාතික පෙරමුණේ අවදානය යොමු වී තිබේ.

දැන්වීම

මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයට යළි එක් වන ලෙසට එම පක්ෂයේ ඉහළ නායකත්වය මීට කලකට පෙර කර තිබූ ආරාධනයන්ට තිස්ස අත්තනායක සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන්ගෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.

තිස්ස අත්තනායක සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් මෙසේ එක්සත් ජාතික පෙරමුණට යළි සම්බන්ධ කර ගැනෙන්නේ සියලු විරුද්ධවාදීන් එකට ඒකරාශී කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දුවට අනුවය.

මේ වැඩ කටයුතුවලට අදාළව තිස්ස අත්තනායක මහතා සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා වන අතර සුදත් චන්ද්‍රසේකර මහතා සමග සම්බන්ධීකරණ කටයුතුවල යෙදී සිටින්නේ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සියලු සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයෝ එම සැලසුම සම්බන්ධයෙන් මේ වන විට තිස්ස අත්තනායක සහ සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් සමග සාකච්ඡා කරමින් සිටිති.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකුව සිට පසුව ඔහුගෙන් ඈත්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ ජනමාධ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක දිනේෂ් දොඩංගොඩ මහතා ද එක්සත් ජාතික පක්ෂයට යළි එක් කර ගැනීම කෙරෙහි අවදානය යොමුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ තිරය පිටු පස දේශපාලන මෙහෙයුම්වල යෙදී සිටින පිරිසක් ඔහු සමග ද මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද අවදානය යොමුව ඇත.

අගමැතිගේ ජනපතිවරණ මෙහෙයුමේ නියමුවන් ලෙස “තිස්ස-සුදත්” පත් කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිගේ ජනපතිවරණ මෙහෙයුමේ නියමුවන් ලෙස “තිස්ස-සුදත්” පත් කෙරේ..! | Lanka Newsweek