අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අගමැතිගේ කැබිනට්ටුව ජනපති ප්‍රතික්ෂේප කරන ලකුණු..?

අගමැතිගේ කැබිනට්ටුව ජනපති ප්‍රතික්ෂේප කරන ලකුණු..?

කැබිනට් වර්ජනයකට එජාප ඇමතීන් පිරිසක් සැර සෙති..! (උපුල් බණ්ඩාර) කැබිනට් මණ්ඩලය සංශෝධනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැවීමට නියමිත අමාත්‍ය ලැයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

කැබිනට් වර්ජනයකට එජාප ඇමතීන් පිරිසක් සැර සෙති..!

(උපුල් බණ්ඩාර)

කැබිනට් මණ්ඩලය සංශෝධනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැවීමට නියමිත අමාත්‍ය ලැයිස්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බොහෝ දුරට ප්‍රතික්ෂේප කිරීම හෝ විශාල කප්පාදුවක් හෝ කරනු  ඇතැයි ජනාධිපති කාර්යාලීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊට හේතු වී තිබෙන්නේ යහ පාලන ජාතික රජයේ අරමුණු සහ ප්‍රතිපත්ති උල්ලංඝණය වන අයුරින් ක්‍රියා කරමින් පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ අන්ත පරාජයට පසුබිම සැකසූ බව කියන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සුළුතරය නව කැබිනට් මණ්ඩලයේ ද ඉහළින්ම ස්ථාන ගත කරමින් සිටින බවට ලැබී තිබෙන තොරතුරු බව යැයි ජනාධිපතිවරයාගේ ප්‍රබල නිලධාරියකු “lankanewsweek” සමග පැවසීය.

දැන්වීම

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කරන ආකාරය පිළිබඳව  විශේෂ අවධානයකින් පසු වන බව පැවසූ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණ පරාජයට වග කිව යුතු ජනතා පදනමක් සහ ජනතාවගේ අවශ්‍යතා නොහඳුනන කණ්ඩායම නව කැබිනට් මණ්ඩලයේත් ඉහළින්ම ස්ථාන ගත කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට සහ ප්‍රබලයින්ට අසාධාරණයක් සිදු කළොත් අදාළ ඇමති තනතුරු ප්‍රතික්ෂේප කරමින් කැබිනට් මණ්ඩලය වර්ජනය කරන බවය.

මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලැයිස්තු සකස් කිරීමේ විශාල කාර්ය භාරයක් එම පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සිදු කරමින් සිටින අතර ඒ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා  මුහුණ දී ඇති සිද්ධියකින් තහවුරුවේ.

ජ්‍යෙෂ්ඨත්වය අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී තමාට යම් සාධාරණයක් වනවා ද යන්න පිළිබඳව රංජිත් අලුවිහාරේ මහතා අරලිය ගහ මන්දිරයේදී මලික් සමරවික්‍රම  මහතාගෙන් විමසා ඇති අවස්ථාවේ දී ඔහු පෙරළා ප්‍රශ්න කර තිබෙන්නේ ඔබට වඩා ජ්‍යෙෂ්ඨ වන්නේ ඔබගේ මල්ලී වන වසන්ත අලුවිහාරේ නේදැයි යනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කවුරුන්ද ආධුනිකයින් කවුරුන්ද යන්න පිළිබඳවත් පක්ෂයේ සභාපතිවරයා නොදැන සිටීම ඉතාම ලැජ්ජාවට සහ කණගාටුවට කරුණක් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අගමැතිගේ කැබිනට්ටුව ජනපති ප්‍රතික්ෂේප කරන ලකුණු..? | Lanka Newsweek