අගමැතිගේ ආරාධනය එජාපය ද පිළි නොගනී..!

අරලිය ගහ ගෙදර රැස්වීම පාර්ලිමේන්තුට විකල්පයක් නොවේ රාජපක්ෂ තන්ත්‍රය පක්ෂ දේශපාලනයේ යෙදෙනවා රැස්වීමේ සද්භාවයයි-අරමුණයි ගැන ප්‍රශ්නයක් (සුජිත් මංගල ද සිල්වා) COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය මර්දනය…
අරලිය ගහ ගෙදර රැස්වීම පාර්ලිමේන්තුට විකල්පයක් නොවේ
රාජපක්ෂ තන්ත්‍රය පක්ෂ දේශපාලනයේ යෙදෙනවා
රැස්වීමේ සද්භාවයයි-අරමුණයි ගැන ප්‍රශ්නයක්
(සුජිත් මංගල ද සිල්වා)
COVID-19 මාරාන්තික නව කොරෝනා වසංගතය මර්දනය කිරීමට සහ එම වසංගතය සමග රටේ උද්ගත වී ඇති තත්ත්වයට අදාළව කරුණු සාකච්ඡා කිරීම සඳහා සඳුදා (04) උදෑසන අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය පිළි නොගැනීමට එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැත් වෙන මේ රැස්වීමට එක්සත් ජාතික පක්ෂය සහභාගී නොවන අතර එම පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ රටත්-ජනතාවත් මුහුණ දී සිටින අර්බුදකාරී, අභියෝගාත්මක සහ අනතුරුදායක තත්ත්වයට එවැනි රැස්වීමකින් කිසිදු විසඳුමක් නොලැබෙන බවය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ රට-ජාතිය සිය ඉතිහාසයේ දරුණුතම අභියෝගයට මුහුණ දී සිටින මේ මොහොතේ කළ යුත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තුව කැඳවීම විනා, එම පාර්ලිමේන්තුව සහ ඊට පෙර පැවැති පාර්ලිමේන්තු ද නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවීම නොවන බවය.
දැන්වීම
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
