අගමැතිගේ ආර්ථික කමිටුවත් අහෝසියි..?

“මලික්ට-චරිතට-පාස්කර්ලින්ගම්ට” චෝදනා..! ආයෝජකයන්ට ඉඩ දුන්නේ මුහුණ බලලා..! (සුමුදු පෙරේරා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති…
“මලික්ට-චරිතට-පාස්කර්ලින්ගම්ට” චෝදනා..!
ආයෝජකයන්ට ඉඩ දුන්නේ මුහුණ බලලා..!
(සුමුදු පෙරේරා)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අහෝසි කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලීය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව රටේ සමස්ථ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු තීන්දු තීරණ ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව මගින් වන අතර ඊට අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා ද ඇතුළත් වෙති.
දැන්වීම
කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව මෙතෙක් අහෝසි කර නොමැති බව යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ආර්ථික කළමනාකරණ කමිටුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරන මේ පරස්පර ස්ථාවරයන් හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන අර්බුදය මේ වන විට තව තවත් උත්සන්න වී තිබේ.
කෙසේ නමුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර ඇති බවට ජනාධිපති කාර්යාලයෙන් ද එම කමිටුව අහෝසි කර නොමැති බවට අගමැති කාර්යාලයෙන් ද මේ වන තුරුත් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් “lankanewsweek” කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ,අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන්නාට පසුව ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ජනාධිපතිවරයාගේ එම මතය අවසන් තීන්දුව වන බවය.
ගෙවුණු කාලය ඇතුළතදී ආර්ථික කළමනාකරණ කමිටුවෙන් ආර්ථිකයට,රටට,ජනතාවට කිසිදු සේවයක් සිදු වී නොමැති බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රසිද්ධියේම චෝදනා කර ඇත.
මේ අතර ආර්ථික කළමනාකරණ කමිටුවේ මේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතින්නේ මලික් සමරවික්‍රම,චරිත රත්වත්තේ සහ ආර් පස්කර්ලිංගම් යන මහත්වරුන්ටය.
එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මැති ඇමතිවරු සහ පසු පෙළ මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරමින් කියා සිටින්නේ මේ ආර්ථික කමිටුවෙන් සියලු අවස්ථා,ඉඩප්රස්ථ සහ වරප්‍රසාද හිමි වන්නේ මලික් සමරවික්‍රම,චරිත රත්වත්තේ සහ ආර් පස්කර්ලිංගම් යන මහත්වරුන් ඇතුළු අගමැතිවරයාට සමීප සුළු පිරිසක් රටට ගෙන එන ආයෝජකයින්ට සහ ආයෝජනවලට පමණක් බවය.