“අගමැතිකම හෝ ශ්‍රීලනිප සභාපතිකම අවශ්‍ය නැහැ”

(අශන්ති වර්ණසුරිය) අගමැතිමක හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීමේ කිසිම අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මේ වන විට දේශපාලන කරළිය…
(අශන්ති වර්ණසුරිය)
අගමැතිමක හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ලබා ගැනීමේ කිසිම අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ මේ වන විට දේශපාලන කරළිය උණුසුම් කර ඇති මේ මාතෘකාව සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසුමට පිළිතුරු දෙමිනි.
දැන්වීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරා ගැනීමේ කිසිදු අරමුණක් නොමැති බවත් තමා සමග එකතුවන ඕනෑම අයෙකු ආදරයෙන් භාර ගන්නා බවත් පවසන මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයක් ලෙසින් ඉදිරියට යෑමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙසින් ඇති බවද ඔහු සදහන් කරයි.
අගමැතිකම හෝ පක්ෂයේ සභාපතිත්වය අනවශ්‍ය බව ද සදහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ අගමැති රනිල වික්‍රමසිංහ මහතාගේ විජාතික වැඩ පිළිවෙළ කිසිසේත් අනුමත නොකරන බවය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණ කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාව කැමති ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දිය යුතු අතර ඒ කෙටි කාලය සඳහා රට පාලනය කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවය.එවැනි සභාග ආණ්ඩුවක අවශ්‍යතාවය පේනවා දෙන මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා අවශ්‍ය සහය දෙන බවද සදහන් කරයි.